චීන පකිස්තාන ආර්ථික කොරිඩෝවේ වැඩි වාසිය චීනයටලු

215


චීන පකිස්තාන ආර්ථික ප‍්‍රවේශ මාර්ගයෙන් හෙවත් කොරිඩෝවෙන් පකිස්තානයේ ගවඩාර්හි ඉදිකෙරෙන නිරිතදිග වරාය නගරය තුළින් දේශීය ව්‍යාපාරිකයිනට බලාපොරොත්තුවූ කිසිවක් ඉටුවී නැතැයි පකිස්තාන ව්‍යාපාරිකයෝ පවසති.මෙම ආර්ථික කොරිඩෝවෙන් වැඩි වාසි හිමිව ඇත්තේ චීනයට බව ඔවුහ සඳහන් කරති. ආර්ථික කොරිඩෝව මගින් පකිස්තාන දේශීය ආර්ථාකයේ විශාල පිම්මක් බලාපොරොත්තු වුවද 2015 වසරේ සිට චීනය පොරොන්දු වූ කිසිවක් සිදුකර නැතැයි ද චෝදනා කරති.චීන ආයොජකයින් 135ක් පකිස්තානයේ ව්‍යාපාර කරන බවත් ඔවුන් පකිස්තානයේ සිදුකරන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා දේශීයව ලබාගන්නේ වැලි සහ බොරළු පමණක් යැයිද පවසති.යකඩ,වානේ ඇතුළු සෙසු සියලු ඉදිකිරීම් අවශ්‍යතා චීනයෙන් ආනයනය කරන බවත් සඳහන් කරති.ඒ අනුව චීනය ද්විපාර්ශවික යටිතල පහසුකම් ක‍්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති වලට අත්සන් කළත් ඒ අනුව කටයුතු කර නැතැයිද පකිස්තාන ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment