චීන පාකිස්තාන දන්ත වෛද්‍යවරයා ඝාතනයේ වගකීම සටන්කාමී කණ්ඩායමක් භාරගනී

227

ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා පාකිස්තානයේ විශාලතම වාණිජ කේන්ද්‍රස්ථානය වන කරච්චියේදී චීන පකිස්තාන දන්ත වෛද්‍යවරයකු වන රොනල්ඩ් චෝ රිචාඩ් හූ නැමැති 74 හැවිරිදි වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ දකුණු සින්ද් පළාතේ සින්ධුදේශ් මහජන හමුදාව නම් නව සින්දි වාර්ගික- ජාතිකවාදී සටන්කාමී කණ්ඩායමක් එහි වගකීම භාර ගනිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

 දන්ත රෝගියකු ලෙස පෙනී සිටිමින් හුදකලා වෙඩික්කරුවකු විසින් මෙම ඝාතනය සිදුකර තිබේ. දකුණු වරාය නගරයක් වන කරච්චි හි සායනයක දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. ඝාතනයට ලක්වූ වෛද්‍යවරයාගේ බිරිඳ වන 72 හැවිරිදි මාගරට් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත. වෙඩි තැබීමෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇත. ඝාතනයට ලක්වූවන් මෘදු ඉලක්කයක් බවත් ඔවුන් වසර ගණනාවක් පාකිස්තානයේ ජීවත් වූ බවත් පොලිසිය පවසයි. චීනය ද්විත්ව පුරවැසිභාවයට ඉඩ නොදෙන බැවින් තුවාල ලැබූ සහ මියගිය අය චීන ජාතිකත්වය දරන්නේද නැද්ද යන්න රහස් පරීක්ෂකයන් විමර්ශනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment