චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි

128

ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නැවට අදාළ කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවට 2021 ඔක්තෝබර් 31 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් කළ අනාවරණය පරිදිම මහජන බැංකුව විසින් පෙරේදා (07) අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල එම චීන සමාගමට ගෙවනු ලැබීය.

එම චීන කාබනික පොහොර තොගය සඳහා එම මුදල් ගෙවීම සිදුකළ බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පෙරේදා ‘දිවයින’ට පැවසීය.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් නිසා මහජන බැංකුවට මේ ගෙවීම අදාළ චීන සමාගමට ගෙවීම සඳහා නීතිමය බාධාවක් මතුව තිබිණි. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මින් පෙර ප‍්‍රකාශ කළේ මහජන බැංකුව විසින් අදාළ ගෙවීම නොකළේ උසාවියෙන් ලබාදුන් තහනම් නියෝගය අනුව පමණක් බවත් එම නීතිමය බාධාව ඉවත් වූ පසු එම ගෙවීම කිරීම සඳහා මහජන බැංකුව පියවර ගනු ඇති බවයි.

මෙකී පොහොර ගනුදෙනුවට අදාළ ණයවර ලිපිය නිකුත් කර තිබුණේ මහජන බැංකුව විසිනි. එම ණයවර ලිපියේ ඇති බැඳීම් ප‍්‍රකාරව අදාළ ගෙවීම ගිය සිකුරාදා මහජන බැංකුව විසින් සිදුකරනු ලැබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment