චීන පොහොර නැවේ පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකර ගැනීමට නිර්දේශ

230


රසායනාගාර පරික්ෂණවලදි දෙවතාවකදි අසමත්ව තිබු විනාශකාරි බැක්ටිරියා සහිතචින කාබනික පොහොර නෞකාව සදහා අත්තිකාරම් ගෙවිමේ දී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරිම හේතුවෙන් රජයට සිදුවි ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකරගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.
එමෙන්ම අදාල පොහොර සැපයුම්කාර සාමගමට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනිමටත් මෙරට නීති රීති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකුලව ක්‍රියානොකළ සැපයුම්කාර සමාගම ශ්‍රිලංකාව තුළ අසාදු ලේඛනගත කිරිමටත් නිර්දේශ කර ඇත.
2021/2022 මහ කන්නය සදහා කාබනික පොහොර මෙට්‍රික්ටොන් 96,000ක් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට චිනයේ සිමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමුහසමාගමෙන් ආනයනය කිරිමට සැලසුම් ක්‍රියාත්මකකොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment