චීන පොහොර නැව ගැන නලින්දගෙන් හෙළිදරව්වක්

1235

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ සමීපතම ඥාතියකු වන ලෝලිත අබේසිංහ මහතාට අයත් චෙලීනා කැපිටල් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2015 ට පෙර චීන ව්‍යාපෘති ගණනාවක උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති ලෝලිත අබේසිංහ මහතා මෙම චීන කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිත ධුරය ද ලබාගෙන ඇත්තේ එම ප‍්‍රබල ඥාති සම්බන්ධතාව මත යැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරයි. ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්‍ෂේප කළ කාබනික පොහොර රැගත් නැව වෙනත් නමකින් පසුගිය දින කිහිපයේ හම්බන්තොට වරායට ආසන්න මුහුදු තීරයේ යාත‍්‍රා කරමින් සිට ඇති අතර මේ වන විට එම නැව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන්ව ඇතැයි ද වාර්තා වේ. මෙම නැව නම වෙනස් කළ ද ජාත්‍යන්තර නාවික ලියාපදිංචි අංකය වෙනස් කළ නොහැකි නිසා කුමන නමකින් පැමිණිය ද හඳුනාගත හැකි බව නාවික ක්‍ෂේත‍්‍රයේ විද්වත්හු පවසති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment