චීන පෝර නැව වරායෙන් ඇතුළට ගන්නේ නෑ… ඇමැති රමේෂ් පතිරණ

128

ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාව යළිත් කොළඹ වරාය ආසන්නයට පැමිණියද එය වරායට ඇතුළු කර නොගන්නා ලෙස වරාය සභාපතිවරයාට රජය දැනුම්දී ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

කිසිසේත්ම ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙරටට ලබා ගැනීමට රජය සූදානම් නැති බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

රජයේ කාබනික පොහොර වැඩපිළිවෙළට අනුව කළ ඇණවුමක් මත මෙම පොහොර තොගය රැගත් නෞකාව චීනයේ සිට මීට සති කිහිපයකට පෙර මෙරටට ළඟා විය. නෞකාව මුල් අවස්ථාවේ කොළඹ වරායට පිවිසීමෙන් පසුව පොහොර පිළිබඳ සිදු කළ තත්ත්ව පරීක්‍ෂාවන්හිදී එහි ඇති පොහොර ක්‍ෂුද්‍ර ජීවීන් සහිත ප‍්‍රමිතියෙන් තොර ඒවා බවට අනාවරණය වීම හේතුවෙන් එය යළි හරවා යැවීමට කටයුතු කෙරිණි.

එසේ හරවා යැව්වද අදාළ නෞකාව පිටත්ව නොගොස් දෙවැනි වරටත් මෙසේ කොළඹ වරාය වෙත පැමිණ තිබුණු අතර එහි ඇති පොහොර පිළිබඳ නැවත තත්ත්ව පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ඊයේ (26 වැනිදා) වාර්තා විය. මෙම ඉල්ලීම අනුව දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකින් එම පරීක්‍ෂාව සිදු කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය එක`ගතාව පළ කර තිබේ.

මෙරට චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කළ ඉල්ලීමකට අනුව මෙම එකඟතාව ඇතිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment