චීන බාල පොහොර නැව ආපසු හැරවීම: ගනුදෙනුව කළ අයගෙන්ම වන්දි ගන්න

267

චීන පොහොර නැවට රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් වන්දි ගෙවීම ජනතා මුදල් කාබාසිනියා කිරීමක් බවත් ප‍්‍රමිතියෙන් තොරව එම පොහොර නැව මෙරටට ගෙන්වීමේ ගනුදෙනුකාර පිරිසගෙන්ම එම වන්දි මුදල් අයකර ගත යුතු බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) දිවයිනට පැවැසීය.

කිරි පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් ජනතාව පීඩා විඳිද්දී චීන පොහොර නැවට ජනතා මුදලින් වන්දි ගෙවීම ඔවුන්ට තවත් බර පැටවීමක් බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

ප‍්‍රමිතියෙන් තොර බාල පොහොර නැවක් ලංකාවට ගෙන ඒමට සම්බන්ධවූවන් ඊට වගකිව යුතු බවත් එම වන්දි මුදල් ඔවුන්ගෙන් අයකර ගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment