චීන වරායේ තෙල් ටැංකි පහුගිය රජය ඉන්දියාවට දීපු බවට ගම්මන්පිල කියූ කතාව පට්ටපල් බොරුවක්

235

චීන වරායේ තෙල් ටැංකි ටික සදාකාලීනව පහුගිය රජය ඉන්දියාවට ලියල දීපු බවට ඇමැති උදය ගම්මන්පිල මහතා කියූ කතාව පට්ටපල් බොරුවක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර පවත්වනවා. එහිදී පිළිරූ අරගෙන යනවා. එහි එක පිළිරුවක් තිබෙනවා මුහුණු දෙකක් තිබෙන එකක්. එය කවුරුත් දැකලා ඇති. එය මහ බබායි. එක මුහුණක් ප‍්‍රසන්නයි අනිත් මුහුණ යක්ෂයෙකු වගේ මට මතක් වෙන්නේ උදය ගම්මන්පිල ඇමතිවරයා හරියට මහ බබා වගේ මුහුණු දෙකක් තිබෙන මහ බබා වගේ කියලා. එක මුහුණක් ජනතාවට ප‍්‍රසන්නයි කියලා පෙන්නනවා අනිත් පැත්තෙන් යක්ෂ මුහුණ පෙන්නන්නේ.

උදය ගම්මන්පිල මහතා ඕමාන් වලට ගිහිල්ලා ඩොලර් බිලියන 3.5 ක ණයක් ගන්නවා කියලා මේකද අල්ලසක් විදියට ඕමාන් රජයට දෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ද. මන්නාරම ද්‍රෝණියේ බ්ලොග් දෙක ඕමාන් රජයට දෙන්නේ මොන පදනම මතද? ණය ගන්න අපේ රටේ හොඳම සම්පත් ටික රටවල් වලට ලියලා දෙනවා. කවුද මේවට අවසර දුන්නේ මේවා පාර්ලිමේන්තුවේ කිව්වද? අනුමැතියක් ගත්තද? මේ වගේ කතා කරන උදය ගම්මන්පිල ඇමැතිවරයා ඊයේ මාධ්‍යට කිව්වා ති‍්‍රකුණාමලයේ චීන වරායේ තෙල් ටැංකි ටික සදාකාලීනව පහුගිය රජය ඉන්දියාවට ලියල දීපු බව. මෙය පට්ටපල් බොරුවක් මම ඕනෑම තැනක අභියෝග කරනවා. විවාදයකට එන්නත් මම සූදානම් මේ බොරු වෙනුවෙන් පිළිතුරු දෙන්න ප‍්‍රසිද්ධ වේදිකාවක ගාලූමෝදර පිටිය හරි. මම සූදානම් ඔබතුමා මේ කියන්නේ බොරුවක් එතුමා කියනවා ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි 100 අයිතිය ඉන්දියාවට කියලා.

මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා ගොන්නු කියලා හිතාගෙන ගොනාට අන්දල හැමදාම මේක කරන්න දෙන්න බැහැ. 2003 පෙබරවාරි 7 දින.

35 තෙල් ටැංකි 14 කින් විශේෂාංග තෙල් ටැංකි 85 අවුරුදු 35ක අවබෝධතා ගිවිසුමක් මත අයි ඕසී සමාගමට ලබා දුන්නා. එම අවස්ථාවේ 2003 දී මේකට සම්බන්ධ වෙලා සාධාරණ කළේ යුද්ධය තියෙන නිසා දිගටම එල්ටීටීඊ සංවිධානය විසින් තෙල් ටැංකිවල පහර ගැසීම නිසා හමුදාවට තෙල් ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට ප‍්‍රශ්නයක් තියෙන නිසා ඉන්දියාවත් එක්ක සම්බන්ධ වුණා නම් මේ රැුකගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේක ශ‍්‍රී ලාංකා රජයයි ඉන්දියන් රජයයි හදාගත්ත අවබෝධතා ගිවිසුමක් විතරයි. ඉන්පසු ස්ථිර ගිවිසුමකට යන්න. ඒ අතරතුර දුන්නෙ එක ටැංකියක් ඩොලර් 1000 බැගින් බදු ගෙවීමක් කරන්න ටැංකි 99ක තිබුණා. ඩොලර් දාහක් බැගින් ඩොලර් 9900ක ඉන්දියාව අපේ රටට ගෙවන්න ඕන. එය වර්ෂයකට ඉන්දියාව අපේ රටට ගෙවන්න ඕන. තව ඩොලර් දාහක එකතු කරල ඩොලර් ලක්ෂයක් වසරකට ගෙවීම් සඳහා තමයි අවබෝධතා ගිවිසුමේ තිබුණේ.

2005 වන විට මේ ආණ්ඩුව පෙරළිලා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති හැටියට පත් වෙනවා. එතුමා හැම වේදිකාවකම කිව්වේ මේක නීති විරෝධී ගිවිසුමක් නැහැ අපි රජය බලයට ආපු ගමන් මේ පවර ගන්නවා කියලා. ඒ 2005 දී සිංහයා වගේ ප‍්‍රකාශ කළා උදය ගම්මන්පිල මහතා ඒ වෙලාවේ ඒ රජයේ ඇමැතිවරයෙක් හැටියට කටයුතු කරා හෝ නැත්නම් ඒ ආණ්ඩුව කොටස් කරුවෙක් විදියට හිටියා. 2005 සිට මේයට අවස්ථාව තිබුණා බලයට ආවට පස්සේ ඉන්දියාව රජයත් සමග කතා කරලා අයි ඕසී සමාගමෙන් වසරකට

ලබාගන්න ඩොලර් 100000 හැම වසරකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර ගත්තා ඒ දිගටම අයි ඕසී සමාගම ටැංකි භාවිත කිරීම ඉඩ දුන්නා ඒ පමණක් නොවෙයි උදය

ගම්මන්පිල මහතාගෙන් අහනවා 2006 අයි ඕසී සමාගමේ පහළ කොටස භාවිත කරද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යට කෑල්ල ලිහිසි තෙල් යන්ත‍්‍රාගාරයක් හදන්නත් ඉඩපාඩු දුන්නා.

එයට අවශ්‍ය ලිහිසි තෙල් තියා ගැනීමට ගබඩාවක් හදන්නත් ඉඩදුන්නා. ඉන්ධන පරීක්ෂණාගාරයක් හදන්න චීන වරාය තුළ ඉඩ දුන්නා. මේ සියල්ල කරේ උදය ගම්මන්පිල මහතා. ඒ ආණ්ඩුවේ කොටස්කරුවෙක් වශයෙන් සිටියදී. ඒ ආණ්ඩුවට ඕන තරම් පියවර ගැනීමට අවස්ථාව තිබියදී 2015 යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු ඉඩ දුන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට වෘත්තීය සමිති සමග සාකච්ඡුා කරලා විසඳුමකට යන්න. එය 2017 ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුව උසාවි ගියා මෙම ගිවිසුම නීතියෙන් තෙල් සමාගමට අයිතියක් නැත කියලා උසාවි ගිහිල්ලා අධිකරණයේ නඩුව තියෙනවා. එම නඩුව ජයග‍්‍රහණය කරන්න පුළුවන් ලකුණු තිබෙනවා. ඒත් සමග තමයි මේ අය කියන්නේ සදාකාලීනව දුන්නා කියලා. මම එතුමාට කියනවා ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ බහුතරයක්ම ඉන්නේ පොහොට්ටුවේ අය. විවිධ ජාතික සේවක සංගමය, සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති සියල්ල සිටිනවා.

හැබැයි ආණ්ඩු පක්ෂයේ තමයි බහුතරයක් සිටින්නේ 2017 මේ අය ඉදිරිපත් කරපු ලිපියක සඳහන් වෙනවා 1.1.4 ෙඡ්දයේ 2002 වසරේ සූදානම් කරමින් තිබියදී එය අත්හිටුවා 2003 වර්ෂයේ පෙබරවාරි මාසේ 07 වන දෙන ලංකා ඉන්දියානු තෙල් සමාගම හා ලංකා රජය තාවකාලික ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුම අනුව මේ රටට ලැබිය යුතු බදු පොලිය වසරකට ඇමරිකන් ඩොලර් දාහක් පමණ ටැංකි අනූ නමයට ඇමරිකන් ඩොලර් 99ක් යි සහ අනෙකුත් පහසුකම් සඳහා ඇමරිකන් ඩොලර් දාහක් ලෙස වසරකට එම මුදල ඇමෙරිකන් ඩොලර් ලක්ෂයකි. කෙසේ වුවත් මෙහි 1.2 කොන්දේසියට අනුව මාස හයක් තුළ විධිමත් ගිවිසුමකට එළඹිය යුතු නමුත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නැති නිසා 2002

අගෝස්තු මස සිට අයි ඕසී නීති විරෝධී ලෙස රජයට මුදල් දෙමින් මෙහි රැුඳී සිටිති. 2002 සිට අය නීති විරෝධී ලෙස රැුඳී සිටින බව වෘත්තිය සමිති සහ එකමුතුව කියනවා.

2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඉඳලා ඒ මොහොතේම ඒ සමාගම එළියට දාලා තෙල් ටැංකි ටික ආපහු

ලබාගන්න තිබුණා. 2009 යුද්ධය ඉවර වුණාට පසුවත් ලබාගන්න තිබුණා. දැන් මේ අය බලයට ඇවිල්ල තියෙනව එය ලබාගන්න පුළුවන්. එහෙම ඇත්ත තත්ත්වය වසාගෙන ඉන්දියාවත් එක්ක දවස් දෙකකට කලින් උදය ගම්මන්පිල මහතා කියනවා විදේශ ඉන්දියානු විදේශ ලේකම්වරයා එතනට ගියා. ඒක ඒ අයට නීතියෙන් දීලා තියෙනවා. එම නිසා අයිතියක් තියෙනවා කියලා. නමුත් ඒ අයට අයිතියක් තිබුණේ නැහැ එතනට යන්න. ඇමැතිවරයාට තමන්ගේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්න බැරිනම් ඇමැතිවරයා ගෙදර යා යුතුයි. එතුමා දන්නේ නැත්නම් එතුමාගේ බලය කුමක්ද මේ රටේ සම්පත් රකින්න හයියක් නැත්නම් විදේශිකයන් ඉස්සරහ දෙකට නැමෙනවා නම් මේ වගේ ඇමැතිවරු අපිට ඕනේද?

ඒවා වසා ගන්න මහා බබා වගේ ප‍්‍රසන්න මූණක් එළියට පෙන්නලා අනිත් පැත්තේ යක්ෂ මූණක් තියාගෙන සිටිනවා. මේ රට පාවා දෙන වැඬේ නවත්තන්න කියල ඉල්ලා සිටිනවා. මේක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි තවදුරටත් මේ ගැන කතා කරනවා නම් 2001 /2005 ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ යටතේ මිලින්ද මොරගොඩ මහතා අපේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හැටියට අපේ පක්ෂය විරුද්ධ වෙද්දී රක්ෂණ සංස්ථාව සහ බ්ලූමැන්ඩල් තෙල් සංකීර්ණය පුද්ගලීකරණයට ලක්කරා. එය 2007 වාසුදේව නානායක්කාර මහතා විසින් නඩුවක් දාලා එයට විරුද්ධව සටන් කරලා නඩු දෙකෙන් රක්ෂණ සංස්ථාව සහ බ්ලූමැන්ඩල් ටැංකි සංකීර්ණය ආපහු ලබා දෙන්න කටයුතු කළා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment