චීන විදේශ ඇමැතිගේ සම්ප‍්‍රාප්තියත් සමග පෝට්සිටි කොටසක් ඇරේ

550

කොළඹ වරාය නගරයේ මහජනයා සඳහා වෙන්කෙරුණු පොදු මං තීරුවේ කොටසක් මේ සති අන්තයේ විවෘත කිරීමට නියමිත ය.

එය ගාලූ මුවදොර සිට පා ගමනින් ගමන් කළ හැකි කොටසකින් සහ වෙරළ තීරයට යාවෙන පාලමකින් සමන්විත වේ.

එම කොටස විවෘත වීම සිදුවන්නේ චීන විදේශ ඇමැතිවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ය. චීන විදේශ ඇමැති වෑහන් යි මහතා හෙට (08 වැනිදා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර ඔහු මෙරටට එන්නේ චීන ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට වසර 65ක් පිරීම නිමිත්තෙනි.

මෙම සංචාරයට සමගාමීව චීන විදේශ ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් කොළඹ වරාය නගරයේ පොදු මං තීරුවේ කොටසක්ද මෙසේ විවෘත වන බව දැනගැනීමට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment