චීන විරෝධී ඇමරිකානු තානාපතිනියගේ ආගමනය

364

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සන්නාහ යුද රථ, ත‍්‍රිමාණ රේඩාර්, වෙඩි උණ්ඩ සහ වෙනත් උපාංග සපයනු ලැබුවේ චීනයයි. ඉන්දියාව සැපයුවේ බෝපෝර් අවි සහ ඉන්ද්‍රා නම් වූ අක‍්‍රීය වන රේඩාරයයි. චීනය බර අවි සහ උණ්ඩ නොසැපයුවේ නම් යුද්ධය ජය ගැනීම අපහසු වනු ඇත. එහෙත් මෙරට දැන් චීන භීතිකාවක් මතු වී තිබේ. එය වර්ධනය වීම තවදුරටත් උත්සන්න වන්නේ නව චීන තානාපතිනි ජුලි චන්ග්් ශ‍්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වීම නිසාය. ඇය උග‍්‍ර චීන විරෝධී තානාපති නිලධාරිනියකි. කොටින් කීවොත් වත්මන් ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස්ටත් වඩා භයානක නිලධාරිනියක් නිසාය.
 
 එසේම ඇලෙයිනා ටෙප්ලිට්ස් මාලදිවයින තානාපතිනිය ලෙසද කටයුතු කළාය. මෙරට සිටි ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් නවදිල්ලියේ ඇමරිකානු කාර්ය භාරය ප‍්‍රධානියා ලෙස දැන් කටයුතු කරයි. මින් සනාථ වන්නේ ශ‍්‍රී ලංකාව චීන විරෝධයට මැදි වී ඇති අයුරුයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ චීන විරෝධී ත‍්‍රිත්වය දැන් ශ‍්‍රී ලංකාව මැදිකරගෙන ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයේ මෙහෙයුම ආරම්භකර ඇත. ඒ අතරට ඉන්දියාව ද චීන විරෝධී මතයක් දරයි. මෑතකදී ඉන්දීය නාවික හමුදාපති අශෝක් කුමාර් පැවසූවේ චීනය ඉන්දීය සාගරය වෙත ආගමනයේ යෙදීම ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් බවයි. එම තර්ජනයට ප‍්‍රතිචාර දැක්වීමට ඉන්දියාව ප‍්‍රිඬේටර් ඩ්‍රෝන් යානා 30 ක් මිලියට ගැනීමට තීරණය කළේ ඇමෙරිකාවෙනි. මේ සියලූ කරුණුවලට හේතුව චීනය හම්බන්තොට වරාය සහ පෝට්සිටි ව්‍යාපෘතිවලට මැදිහත් වීමයි. මෙම පසුබිම මැද චීනය උතුරේ ආරම්භ කරන ව්‍යාපෘති කෙරේ ඉන්දීය රෝ බුද්ධි සේවාව නිරීක්‍ෂණයේ යෙදී සිටියි. ඊට සමගාමීව ශ‍්‍රී ලාංකික රෝ එජන්තවරයෙක් චීන සබ්මැරීන් ඉන්ධන ලබාගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙන්නේද යන්න ගැන අවධානයෙන් පසුවේ. මෙම තත්ත්වය මත චීන භීතිකාව උතුරට ද ව්‍යාප්ත වී ඇත. පසුගිය සතියේ දිනෙක ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් නැමැත්තා ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව කීපදෙනකු සම`ග බෝට්ටුවකින් පූනර්කරි ප‍්‍රදේශයට ගොස් චීන ජාතිකයෙක් මත්ස්‍ය කොරටුවක් පවත්වාගෙන සන්නේදැයි නිරීක්‍ෂණය කර ඇත.

congres
 
 මෙම චීන ජාතිකයා යාපනයේ අරියාලේහි කාර්යාලයක් ආරම්භ කර ඇතැයි ද ශ‍්‍රීධරන් චෝදනා කළේය. එම චෝදනාවට සමානව ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී සුමන්තිරන් නැමැත්තා ද චීනය උතුරේ ආධිපත්‍ය හිමිකර ගැනීමට උත්සාහ කරන බවද පවසා ඇත. මෙලෙස උතුරේ ස්ථාපිත කර ඇති බව දක්වන චීන සමාගම කොළඹ සමාගම් ලියාපදිංචි කාර්යාලයේ සිදු කළ ලියාපදිංචි සහතිකයේ පිටපත්ද කොටි හිතවාදී වෙබ් අඩවිවලින් අනාවරණය වී තිබේ.
 
 මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකාව තුළ ඕනෑම පළාතක ධීවර සමාගමක් ස්ථාපිත කිරීමට ශ‍්‍රීධරන් සහ සුමන්තාරන්ගෙන් අවසර ගත යුතුද යන්නයි. තමිල් නාඩුවේ නීති විරෝධී ජාවාරම්කරුවන් ගෙන් උතුරට කේරළ ගංජා තොග පිටින් ප‍්‍රවාහනය වෙද්දී මේ ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රීවරු දෙදෙනා නිහඬව සිටී. මෙම තත්ත්වය මැද මෙම චීන භීතිකාවේ පසුබිමේ සිටින්නේ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඉන්දීය රෝ සංවිධානය බව අවිවාදයෙන්ම තහවුරු වේ.
 
 ඒ සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අතුල් කෙශාප් සහ ඇලෙයිනා ටෙප්ලිට්ස්් ගැන නිරීක්‍ෂණය කරනවිට ඇමෙරිකාව පාලනය කරන්නේ ජෝ බයිඩන් නොව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බව සනාථ වේ. මෙම පසුබිම මැද චීනය ශ‍්‍රී ලංකාවේ අපනයන ලබාගත් 10 වැනි රට බවට පත් වී ඇත. 2016 දී චීනය ඩොලර් 198,842412න් වටිනා අපනයන ශී‍්‍ර ලංකාවෙන් ලබාගෙන තිබේ. මේ අතර තිස්සමහරාම වැව හෑරීම භාරව සිටි චීන කොන්ත‍්‍රාත්කරුවන් මෙහෙය වන සමාගමේ සේවකයකු චීන හමුදාවේ කැලෑ ඇඳුමකින් සැරසී සිටීම නිසා චීන හමුදා භටයන් මෙරට සේවය කරන බවට ප‍්‍රචාරයක් දියත් විය.
 
 එහෙත් එවැනි කැලෑ ඇඳුම් පිටකොටුවේ පදින වේදිකාවලදී අලෙවි කෙරේ. ඒ ගැන කිසිදු විරෝධතාවයක් එල්ල වී නැත. මෙයට පෙර ඉන්දියාවේ හිටපු හමුදාපතිවරයා පැවසූවේ අපේ අසල් වැසියන්ට චීනය කරා ඇදී යෑමට ඉඩ නොදෙන බවයි. කොළඹ වරාය ආශ‍්‍රීතව පෝට්සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා රජය සැලසුම් කළ අවස්ථාවේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් මෙරටට පැමිණ එය නතර කිරීමට උත්සාහ කරනු ලැබීය. එසේම කොටි පැරදවීමට චීනයෙන් ත‍්‍රිමාණ රේඩාර් පද්ධතිය මිලට ගැනීමට රජය තීරණය කළවිට ඉන්දියාව පැවසූවේ ඉන් ඉන්දීය ගුවන් යානාවල ආගමනය
 
 දැනගැනීමට චීනයට ඉඩ ලැබෙන බවයි. මෙවන් පසුබිමක් මැද ප‍්‍රංශ සහ ජපන් ආරක්‍ෂක ප‍්‍රධානීන් මෙරටට පැමිණ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමට ක‍්‍රියා කරනු ලැබීනි. එසෙ වූවත් ජපන් ආරක්‍ෂක ඇමැතට හම්බන්තොට වරාය නිරීක්‍ණය කිරීමට ඇති අයිතිය කුමක්දැයි කිසිවකුත් විමසුවේ නැත.
 
 එසේම ඇමෙරිකානු අග්නිදිග ආසියානු නාවික ප‍්‍රධානියා ද මත්තල ගුවන් තොටුපළට පැමිණියේය. ඔහු ආපසු යනවිට චීන වරාය ගුවන් තොටුපොළ භාවිත කරනු ලැබීය. එහෙත් මේ ඇමෙරිකානු ප‍්‍රංශ ජපන් ක‍්‍රියාදාමයන් විපක්‍ෂයේ දේශපාලන පාර්ශ්වල අවධානයට ලක් වූයේ නැත. මෙහිදී ශ‍්‍රී ලංකාව සුපිරි බලවතුන්ට කොටු වී ඇතැයි කිව හැකිය. එය තවදුරටත් සනාථ වූයේ ඇමෙරිකානු නාවික ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළට භාණ්ඩ ගෙනැවිත් එම භාණ්ඩ නැවතත් ගුවන්යානා ප‍්‍රවාහන නෞකාවන්ට ලබාදීමයි.ඇක්සා සහ සෝපා යන ආරක්‍ෂක ගිවිසුමක්ද ඇමෙරිකානු න්‍යාය පත‍්‍රයේ කොටසක් වේ. ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන විශාල නැවක් ත‍්‍රිකුණාමලය අසල මුහුදේ ස්ථාපිත කර ඇති බවත් ඇමෙරිකානු හමුදා බළකායක් මෙරට සිටින බවත් අප හෙලි කළවිට ජනතාව උසි ගැන්වීමට ක‍්‍රියා කරන බව දක්වමින් මුල්ලේරියාව කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාවේ පත්කළ මන්තී‍්‍රවරියක් අපට එරෙහි කොටුව පොලිසියේ පැමිණිල්ලක් කළාය.
 
 එම පැමිණිල්ල පසුබිමේ සිටියේ යහපාලන රජයේ මන්ත‍්‍රීවරයෙකි. කොටුව පොලිසියේ නිලධාරියෙක් අපට එරෙහි පැමිණිල්ල ගැන ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත් විය. එම අවස්ථාවේ ඇමෙරිකානු හමුදාව ශ‍්‍රී ලංකාව සම`ග කටයුතු කරන බවට ඇමෙරිකානු සිතියම ඉදිරිපත් කළවිට පොලිස් නිලධාරියාට කටඋත්තර නැති විය.
 
 සිය පැමිණිල්ල සඳහා කොටුව පොලිසියටවත් නොපැමිණි එම ප‍්‍රාදේශීය සභා පත්කළ මන්ත‍්‍රීවරිය හෙවත් පිං මන්ත‍්‍රීනිය පැමිණිල්ල අකුලා ගත්තාය. මේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියගේ පසුබිමේ සිටි මුස්ලිම් මන්ත‍්‍රීවරයා ද නිහඬ විය. මේ අතර යාපනයේ ඉඩම් චීනුන්ට අලෙවි කර ඇති බවට ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එය ශ‍්‍රීධරන් ප‍්‍රකාශ කර ඇත. ඩෙල්ෆ් දූපතේ අක්කර 40 ක් සහ කච්චේරි ගොඩනැ`ගිල්ල චීනුන්ට විකුණා ඇති බවට ඔහු කළ ප‍්‍රකාශය රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
 මෙය උතුරේ ජනතාව අතර ගිනි ඇවිලීමේ ක‍්‍රියාදාමයකි මෙලෙස විකුණා ඇති බවට දැක් වූ කච්චේරි
 
 ගොඩනැ`ගිල්ල පැරණි කොටි පොලිසියයි. මෙම පසුබිම මැද හිටපු පළාත් සභා මන්ත‍්‍රී සිවාජිලිංගම් ප‍්‍රකාශයක් කරමින් රජය පූනකාරිහි චීන මත්ස්‍ය සමාගම ඉවත් නොකළහොත් අපද මත්ස්‍ය සමාගමක් පිහිටුවන බව කියා සිටියේය. ඉන්දියාව මේ ගැන අවධානය යොමු කළ යුතුයි. චීනය උතුරේ මුහුදු කලාපය අල්ලා ගැනීමට තැත් කරනවා. සති දෙකක් තුළ චීන මත්ස්‍ය සමාගම අහෝසි කළ යුතුයි නැත්නම් ධීවරයන්ගේ සහය මැද මත්ස්‍ය ගොවිපළවල් ස්ථාපිත කරනවා යැයි සිවාජිලිංගම් රජයට තර්ජනය කර ඇත.
 
 උතුරේ ආරංචි මාර්ග පැවසූවේ යාපනයේ සිටින ඉන්දීය රෝ බුද්ධි සේවා ක‍්‍රියාකාරීන් මෙම චීන මත්ස්‍ය
 
 ගොවිපළවල් ගැන නිරීක්‍ෂණය කරන බවයි. මෙයට කලකට පෙර උතුරේ දූපතක සුළං බලාගාර සථාපිත කිරීමට චීන සමාගමක් කටයුතු කරන අවස්ථාවේ ඊට ද ද්‍රවිඩ සංධානය එරෙහි විය. එවන් පසුබිමක් මැද ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඉන්දීය රෝ ඔත්තු සේවාව ශ‍්‍රී ලංකා රජයේ චීන ව්‍යාපෘති ගැන දැඩි විමර්ශනයක යෙදී සිටින බව පැහැදිලිය. මේ අතර ලන්ඩන් නුවර සිට ක‍්‍රියාත්මක වන කොටි වෙබ් අඩවියේ සිංහලයකු විසින් ෆේස්බුක් අඩවියට කළ ප‍්‍රකාශයක් ද සඳහන් විය. එහි සඳහන් වූයේ පුරා විiාත්මක ගොඩනැ`ගිල්ලක් චීනයට විකිණීම සඳහා රජයේ ඇමැතිවරයකු යාපනයට පැමිණි බවයි. මේ ප‍්‍රකාශය කර තිබුණේ ප‍්‍රභාකරන් මිය ගියේ නැතැයි පැවසූ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන්ය.
 
 මේ ශ‍්‍රීධරන් යනු යාපනයේ කොටි මිනීමරු හමුදා නායක තීපන්ගේ මස්සිනායි. මේ අතර මෙරට චීන කම්කරුවන් 10000 ක් පමණ සිටින අතර ඉන්දියානු කම්කරුවන් 12000 ක් සිටිති. ඊට අමතරව මාලදිවයින ජාතිකයන් 5000ක්ද සිටින බව හෙලි වී ඇත. මෙම පසුබිම මැද චීන විරෝධී ඇමෙරිකානු තානාපතියගේ මෙරට ආගමනය ඉන්දීය කලාපයේ ආරක්‍ෂක සහ දේශපාලන ක‍්‍රියාදාමයන් වර්ධනය කිරීමට ඉවහල් වේද? ඇමෙරිකානු ජෝ බයිඩන් පාලනය චීනය ඉන්දීය සාගර කලාපයට අවතීර්ණ වීම ව්‍යාර්ථ කිරීම සඳහා විවිධ න්‍යායයන් දියත් කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙනි. ඒ සඳහා බයිඩන් යූ. එස්. ඒඞ් සංවිධානයේ ප‍්‍රධානී ලෙස සමන්තා පවර් පත්කර ඇත.
 
 යූ. එස්. ඒඞ්. සංවිධානය දැනටමත් මෙරට අධිකරණය ආරක්‍ෂාව මාධ්‍ය ක්‍ෂේත‍්‍රය දේශපාලනය සහ සංහිඳියානු ක‍්‍රියාදාමයට මැදිහත් වී ඩොලර් මිලියන ගණනක් අරමුදල් ලබා දී තිබේ. ඊට අමතරව හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරිනව සිවිල් ක‍්‍රියාකාරීන් ලෙසින් මෙරටට එවා තිබේ. ඇමෙරිකානු රජය නව චීන තානාපතිනියට පවරා ඇති රාජකාරිය නම් ඊගල් කෙටුම්පත හෙවත් ඇමෙරිකාව විසින් නායකත්වය මෙහෙය වීමේ පනත් කෙටුම් පත ක‍්‍රියාත්මක කිරීමයි.
 
 පසුගිය මැයි 25 දා මෙම පනත කොංග‍්‍රස් සභාව විසින් අනුමත කර ඇත. එම පනත අනුමත වීමෙන් පසු ඉන්දු ශාන්තිකර කලාපයේ කටයුතු සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සතු සම්පත් වැඩි කිරීමට අනුමැතිය හිමි වී තිබේ. එහි අරමුණ චීනයට එරෙහිව ඇමෙරිකානු තානාපතනියගේ මෙහෙයුම දියත් වීමයි.
 
 ඒ අනුව ඊගල් පනතේ අරමුණු ක‍්‍රියාත්මද කිරීම නව ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ට පැවරේ. ඇගේ එම මෙහෙයුම ශ‍්‍රී ලංකාවේ රජයට දැඩි ලෙස බලපානු ඇත.

– කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment