චීන – ශ්‍රී ලංකා සබඳතාවලට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් එපා

222

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බැවින් ඔවුනට අවශ්‍ය ලෙස විදේශ සබඳතා පවත්වා ගැනීමට ඉඩදිය යුතු බව චීනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාවලට අනවශ්‍ය ආකාරයට ඉන්දියාව මැදිහත් විය යුතු නැති බව ද චීනය කියා සිටී.

ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාවලට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීමක් කිසිමවිටක අවශ්‍ය නැති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කර ඇත.

චීන යුවාන් වැන්ග් 05 නැව හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඉල්ලීම් කිරීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීනය මේ ප්‍රකාශය සිදුකර ඇත.

ඉන්දියාව මුල සිටම මෙම චීන නෞකාවේ ලංකා ගමනට විරුද්ධ වූ අතර මේ නෞකාවේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට අර්බුදයක් වී තිබේ

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment