චීන සෞඛ්‍ය නිලධාරීහු නිවසකට කඩාවැදී කොරෝනා ආසාදනය නොවූ සුනඛයා ඝාතනය කරයි

256

කොරෝනා නිසා නිරෝධායනයට ලක්වෙමින් සිටි සුනඛයෙකු චීන නිලධාරීන් විසින් පහර දී ඝාතනය කිරීමේ අමානුෂික සිද්ධියක් චීනයෙන් වාර්තා වේ.

 මෙම සුනඛයාගේ හිමිකරු ෆු නැමැත්තාට කොරෝනා ආසාදනය වී තිබූ අතර සෞඛ්‍ය උපදෙස් මත ඔහු සහ සුනඛයා නිරෝධායනයට ලක්වී ඇත. එහෙත් චීන සෞඛ්‍ය නිලධාරීහු ෆු සිටි නිවසට කඩාවැදී සුනඛයාගේ

 හිසට පොල්ලකින් ගසා මරාදමා තිබේ. මෙම අමානුෂික සුනඛ ඝාතනය සිදු වූයේ චීනයේ ෂැන්රෝ ප‍්‍රදේශයේයි. චීන සෞඛ්‍ය සේවා නිලධාරීන් කොරෝනා නොවැළදි සතුන්වද ඝාතනය කිරීම ගැන සත්ත්ව අවිහිංසා සමිති දැඩි විරෝධතා දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment