චූටි කටේ කුඩු කඩේ!

620

පොලිස් නිලධාරීහු පිරිසක් විමර්ශන සහ වැටලීම් රාජකාරියේ නිරතව සිටිය දී ලද තොරතුරකට අනුව පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ග්‍රොසරි බෑගයක බහා ඔහුගේ මුඛයේ සඟවා ගෙන සිටි රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින් මත් කුඩු තොගයක් සමග පෙරේදා (15දා) එම සැකකරු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.

පහළ සියඹලාව මහවැලි කඳවුර ඉදිරිපිට දී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම පාර පහළ සියඹලාව, එප්පාවල පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. ලැබුන තොරතුරකට අනුව සැකකරු තම භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවේදී මුඛය තුළ බෑගයක දමා සූක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී හෙරොයින් මත්කුඩු මිලි ගෑම් 5100ක් සොයා ගත් බව පොලිසිය කියයි. එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment