චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර මගී නාවික සේවයක් අරඹයි

568

චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම ජාත්‍යන්තර සංචාරක නාවික මගී ප්‍රවාහන යාත්‍රාව වන MV Empress ඉකුත් 05 වැනිදා ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග පිළිබඳ මධ්‍යම රජයේ අමාත්‍ය සර්බානන්ද සොනෝවල් විසින් නිල වශයෙන් දියත් කරන ලදී.රුපියල් කෝටි 17.21ක වියදමින් චෙන්නායි වරායේ පිහිටුවන ලද ජාත්‍යන්තර සංචාරක පර්යන්තය විවෘත කිරීම ද මීට සමගාමීව සිදු කරන ලදි.වර්ග මීටර් 2,880ක් පුරා පැතිර ඇති මෙම නෞකාව මගින් මගීන් 3,000කට පහසුකම් සැපයිය හැකිය. මෙම නෞකාව හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන් වෙත යාත්‍රා කිරීමට නියමිතය.2024 වන විට මෙම නෞකාව තවත් ජාත්‍යන්තර වරායන් තුනක් වෙත යාත්‍රා කිරීමට නියමිත බවද සොනෝවල් පැවසීය.මෙම කටයුතු වලට අමතරව ලෝක පරිසර දිනය වෙනුවෙන් චෙන්නායි වරාය පරිශ්‍රයේ පැළ 2,500ක් රෝපණය කිරීම ද සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment