ඡන්දයකට කාලය නාස්ති නොකර නි. කථානායක පත්කර ගත යුතුයි- පො.පෙ. මහ ලේකම් සාගර කියයි

214

නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමේදී රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ගැනීම වැනි කාලය නාස්ති කිරීමේ ක්‍රියාදාමයක් පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.ඡන්දයක් නොතියා නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමට උත්සහ කරන බවත් මීට පෙර රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ පැය තුනක කාලයක් ගතවූ අතර ඔහු ඉවත්වීම නිසා නිරපරාදේ කාලයක් වැයවූ බවත් පැවසූ සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ විසින් නියෝජ්‍ය කථානායක ධුරයට අජිත් රාජපක්‍ෂ මහතා නම්කරන බවත් කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය නැතැයි විපක්‍ෂය චෝදනා කළත් ඔහුට පාර්ලිමේන්තුව තුළ බහුතරය සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරන බවද ඒ මහතා කීය. මේ අවස්ථාවේ බහුතරය බැලීම නොව රටේ ජනතාව මුහුණදී සිටින ගෑස්, ඉන්ධන, විදුලිය, කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදීමට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවද කාරියවසම් මහතා අවධාරණය කර සිටියේය.එසේ නොකර පාර්ලිමේන්තුව තුළ එක එක්කෙනා පත්කර ගනිමින් කාලය නාස්ති කිරීමෙන් සහ විහිළු සැපයීමෙන් මහජනතාවට සෙතක් නොවන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 චමින්ද සිල්වා, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment