ඡන්දයකට ගියොත්  වියදම කෝටි දහසක් – මැ. කො. කියයි

196

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යනවා නම් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දිවයිනට ඊයේ (25දා) පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ මැතිවරණයකට යෑමට සුදුසු තත්ත්වයක් නොමැති බවත් එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ එකතු වී අන්තර්වාර පාලනයක් කෙටි කාලයකට හෝ ඇති කරගෙන පසුව මැතිවරණයකට යන ලෙස කොමිෂන් සභාව සියලු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. මැතිවරණයක් පැවැත්වීමට නම් මාස 04ක පමණ කාලයක් අවශ්‍ය බවත් එයට පෙර රටේ ගෑස්, ඉන්ධන, විදුලිය ඇතුළු ප්‍රශ්න විසඳාගත යුතු බවත් මැතිවරණයකට වැය කරන මුදල එම ගැටලු විසඳීමට යොදන ලෙස තමා ඉල්ලා සිටින බවත් පුංචිහේවා මහතා පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment