ඡන්දයකට මේ මොහොත සුදුසු නැහැ – එජාප සභාපති

56

රට බංකොලොත් භාවයට පත්ව තිබෙන අවස්ථාවක අප ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ඉන් මිදීමට මිස මැතිවරණ පැවැත්වීමට නොවේ. පළාත් පාලන ආයතනවල 8000 ක් සිටින නියෝජිතයන් ගණන 4000 ක් දක්වා අඩු කළ යුතුව තිබෙන බව ජනතා අදහස වී තිබෙනවා යැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

මනාප ඡන්ද ක්‍රමය නිසා මේ රටේ ජාති හා ආගම් වශයෙන් ජනතාව බෙදුණා. මේ නිසා මනාප ක්‍රමය අප රටින් තුරන් කළ යුතු බවටයි යෝජනා ඉදිරිපත්ව තිබෙන්නේ. ජේ. ආර්. ජයවර්ධන මහතා මනාප ක්‍රමය හඳුන්වා දුන් බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා, නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කිව යුතුයි.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොපමණ ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කරයි ද කියන සැකයත්, මේ මොහොතේ හටගෙන තිබෙනවා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් භාවිතා නොවුණොත් එම ප්‍රතිඵලය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී එකක් ද යන්න ප්‍රශ්නයක් වෙනවා.

ඔහු මේ බව කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය.

සිරිල් විමලසුරේන්‍ද්‍ර – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment