ඡන්දයක් එපා – ආණ්ඩුවේ 10 දෙනාගේ  කණ්ඩායම කියයි

405

රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තවත් දවසක් සහ මිලියන ගණනක මුදලක් වැයකර ඡන්ද විමසීමකින් නියෝජ්‍ය කථානායකවරයකු තේරීමට වඩා සියලු පක්‍ෂ නායකයන් එක්ව එක් මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක නිතරගයෙන් නියෝජ්‍ය කථානායක ලෙස පත්කරන ලෙස ආණ්ඩුව තුළ සිටින 10 දෙනාගේ කණ්ඩාම සියලු පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

මේ සඳහා නවක මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක ඉදිරිපත් කරන්නේ නම් වඩා සුදුසු බවද මේ මොහොතේ එවන් ඡන්දයක් පැවැත්වීම සිදුවුවහොත් එය සමස්ත සමජයේම දෝෂදර්ශනයට ලක්වන්නක් බවත් ඔවුන් පෙන්වා දෙති.

කේ. පී. එස්. කුමාරසිරි (අනුරාධපුර), නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, නීතිඥ උදයන කිරිඳගොඩ (මහනුවර), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක (කෑගල්ල), ලලිත් එල්ලාවල (කළුතර), අකිල සාලිය එල්ලාවල (රත්නපුර), වෛi කුමාරසිරි කොඩිතුවක්කු (මාතර), වෛi උපුල් ගලප්පත්ති (හම්බන්තොට) යන මන්ත්‍රීවරු දස දෙනා මීට අත්සන් තබා තිබේ.

හේමන්ත රන්දුණු, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment