ඡන්දයක් ප්‍රකාශ කර තිබියදී රාජ්‍ය සේවක මාරුවීම් බැහැ – මැ.කො. සභාපති

187

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන නිසා රාජ්‍ය සේවයේ සේවා අවශ්‍යතා ලෙස සලකා ස්ථාන මාරුවීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත. මැතිවරණය පැවැත්වීමට අදාළ කාලසීමාව තුළ රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් කළ යුතු නම් ඒ සඳහා අවශ්‍යතාව මැතිවරණ කොමිසමට දැනුම්දී එහි අනුමැතිය ඇතිව පමණක් ස්ථාන මාරු කළ හැකි බවද පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණය පැවැත්වීමට අදාළව මේ වනතෙක් මැතිවරණ කොමිසම ගත හැකි සියලු පියවර නීතිමය වශයෙන් ගෙන ඇති බවත් එය මැතිවරණය අවසන් වනතෙක් ගෙනයෑමට අදහස් කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment