ඡන්දයට තීන්දුව ගන්න රාජ්‍ය නිලධාරීහු මැ. කො. හමුවට

135

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (07දා) පෙරවරු 10.30 ට පොලිස්පති මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවත් මුදල් ලබාදීමේදී යම් ගැටලු පවතින බවට සාකච්ඡාවේදී තීරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවැසීය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති, මුද්‍රණාලයාධිපති, බලශක්ති අමාත්‍යාංශ ලේකම්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුටම කැඳවීම් කර තිබෙන බවද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වීමට නොහැකි නිසා හෙට පවත්වන සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධකවලට විසඳුමක් ලැබුණහොත් මැතිවරණය පවත්වන දිනය එදිනම ප්‍රකාශ කිරීමට අදහස් කරන බවද පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment