ඡන්දයට මම නැකතකුත් බැලුවා: ඒත් වැඩේ ‘කෙළවෙලා’ ගියා

107

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තමන්ට අවශ්‍ය බවත් එය පැවැත්වුවහොත් තම ආසන ආණ්ඩුව ජයග්‍රහණ කරන බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කීය.

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදය අතරතුර හෙතෙම මේ බව කී අතර එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

ඡන්දය අපට ඕනා, අදත් ඕනා, හෙටත් ඕනා. මම ඡන්දයට ලැහැස්තියි. මම ඡන්දය දාන්න නැකතකුත් බලගෙන හිටියේ. ඒත් වැඩේ කෙළවලා ඇරියා. මේ අපට ඡන්දය ඕනා. දැන් ඡන්දය තිබ්බොත් අපි දිනනවා. ඒ ආසන අපි දිනනවා. ඔය කවුරු දැඟලුවත් අපි දිනනවා. ඒ ගැන භය වෙන්න එපා. ඡන්දය අපි ගමු. හැබැයි පළමු දේ තමයි, දැන් වී ටික කැපෙනවා. ඒවා මිලදී අරගෙන මේ රටේ මිනිස්සුන්ට කන්න දෙමු. අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙමු. රට ගොඩ නගන්න කටයුතු කරමු.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment