ඡන්දයට සල්ලි දෙන්න බෑ!

167

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මැතිවරණ කොමිසමට කියති
අත්‍යවශ්‍ය ගොඩේ මැතිවරණය නෑ….

ජනාධිපතිවරයා විසින් මුදල් වැයකළ යුතු අත්‍යවශ්‍ය සේවා ගණයට පළාත් පාලන මැතිවරණය ඇතුළත් කර නොමැති නිසා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මැතිවරණ කොමිසමට ඊයේ (17 දා) දැනුම්දී ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

රජයේ මුදල් වැය කළ යුතු අංශ ඇතුළත් කර පසුගියදා ජනපතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මැතිවරණ කටයුතු ඊට ඇතුළත් කර නැති බවත් නිලධාරීන් සඳහන් කර ඇත.

අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට අවශ්‍ය නම් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවද ඔවුන් කියා ඇතැයි වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment