ඡන්දයට සල්ලි නැත්තේ ඇයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

58

ඕනෑ තරම් උසාවි යන්න – අගමැති දිනේෂ් ගුණවර්ධන
අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන මැතිවරණ කොමිසම කැඳවනවා – අගමැති

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් කෙසේ වෙතත් සිංහල අවුරුද්දට පෙර රජයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් දෙකක් ගෙවීමට ඇති බැවින් ලැබෙන අයි.එම්.එෆ් ආධාරවලින් හෝ එය ගෙවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) කීය.

ඔහු මේ බව කියා සිටියේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් ලබා නොදීම ගැන, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා මෙසේද කීය.

මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කිහිපයක් පවතිනවා. විරුද්ධ පක්ෂ නායකතුමා සඳහන් කරපු මද්දුමබණ්ඩාර මහතාත් නඩු කීපයක් ඉදිරිපත් කර තිබෙනවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම්තුමා විසින් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතිං එම තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවි. මට කියන්න තිබෙන්නේ එපමණයි. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නෑ. ඕන තරම් යන්න උසාවි ආපහු. කී සැරයක් දැන් ගියාද? අපි නෙවේනේ උසාවි ගියේ. උසාවි ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා සහ මැතිවරණ කොමිසම. උසාවියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ලංකාවේ ඉහළතම අර්ථ නිරූපණ දෙන අධිකරණය. ඉතිං මේ පිළිබඳව ඊයෙත් මැතිවරණ කොමිසම ප්‍රකාශයන් කරලා තියෙනවා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. ඉතිං ඒක තමයි මම අහන්නේ ඒකත් අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා දැන්. මොකද ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන. එක පැත්තකින් මට අධිකරණයට ඇඟිලි ගහන්න බෑ. නමුත් කොමිසම කැඳෙව්වාම කියනවා කොමිසමට බලපෑමක් කරනවා කියලා. මේ සභාවෙම ප්‍රකාශ කළා. මම ඉතාම ඕනෑකමින් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නේ නෑ. මම ඉදිරි දවස්වල කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

මූල්‍යමය තියෙන ගැටලු රටම මුහුණ දෙන ප්‍රශ්නයක්. මමත්, ජනාධිපතිතුමත්, බරපතළ ලෙස වගකීමෙන් එය කිව්වා. අපි මුහුණ දෙනවා. කොහොම හරි සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වැටුප් දෙසැරයක් ගෙවන්න තිබෙනවා, අවුරුද්දෙන් පෙර. පළමුව මේවා ඉටු කිරීමෙන් පසු තමයි ඊළඟ කටයුතුවලට යන්නේ. අපේ ගොවිජනතාව දෙන්න තියෙන විශේෂ ගෙවීම් රාශියක් තියෙනවා. අපිට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඉතිං ඒවා ගැනත් කල්පනා කරමින් මේ කටයුත්තේ අපි නිරත වෙනවා. කිසිම කෙනෙක්ගේ අයිතිවාසිකම් අපි උදුරා ගන්නේ නෑ.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment