ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – 20කට අධික පිරිසකට තුවාල

184

ජාතික ජනබලවේගයේ විරෝධතාවට ඊයේ (26 දා) කොළඹ යුනියන් පෙදෙසේදී ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ලවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී කඳුළුගෑස් ප්‍රහාරවලට ලක්වූ පුද්ගලයෝ 20කට අධික පිරිසක් තුවාල ලැබූහ.

“මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය කොළඹට” යන තේමාව යටතේ මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර දිවයිනේ නන් දෙසින් අතිවිශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - 20කට අධික පිරිසකට තුවාල

විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙස සිට පාගමනින් පුරහල හරහා යුනියන් පෙදෙස දෙසට ගමන් කිරීමත් සමඟ පොලිසිය ඔවුනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඊයේ (26 දා) පස්වරු 1.00 සිට රාත්‍රි 8.00 දක්වා කාලය තුළ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නම්කළ පුද්ගලයන් 26 දෙනෙකු හා ඊට සම්බන්ධ වන සෙසු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙසට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබූ පසුබිමක ඔවුහු මෙම විරෝධතා පාගමනට එක්ව සිටියහ.

ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - 20කට අධික පිරිසකට තුවාල

මීට අමතරව මරදාන පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ද එම විරෝධතාවයට අදාළව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබිණි.

ඒ කොළඹ රෝහල් චතුරස්‍රය හා ඒ අවට පිහිටාඇති රෝහල්වලට බාධාවන පරිදි ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර සහ ඩීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහමාර්ගයට ඇතුළුවීම තහනම් කරමිනි.

ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - 20කට අධික පිරිසකට තුවාල

මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන ඊයේ (26 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූයේ සවස 3.00 ට පමණය.

“ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු!” යන මැයින් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුවට විරෝධය පාන සටන් පාඨ කියමින් පිරිස ඉදිරියට ඇදී එන්නට වූහ.

ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - 20කට අධික පිරිසකට තුවාල

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ලේකම් ටිල්වින් සිල්වා, බිමල් රත්නායක, කේ. ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, විජිත හේරත්, සමන්ත විiාරත්න, නීතිඥ සුනිල් වටගල, මහින්ද ජයසිංහ, වෛi නලින්ද ජයතිස්ස ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

කොළඹ, පුරහල පසුකර යුනියන් පෙදෙසට පැමිණීමත් සමඟ පොලිසිය උසාවි නියෝගය ප්‍රකාශ කරන්නට විය. යුද හමුදාව, කැරලි මර්දන ඒකකය පිරිස ඉදිරියට පැමිණීම වළක්වන්නට රැඳී සිටියහ. ඊට පසුපසින් පොලිස් ජල ප්‍රහාරක රථ 2 ක් නවත්වා තිබෙනු දක්නට ලැබිණි.

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට” යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි.

සවස 4.15 ට පමණ පොලිස් ජල ප්‍රහාරක රථවලින් ජල ප්‍රහාර ද කැරලි මර්දන බළකාය විසින් කඳුළුගෑස් ප්‍රහාර ද එල්ල කරන්නට වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

විරෝධතා පාගමනට එක්ව සිටි පිරිස කඳුළුගෑස්, ජල ප්‍රහාර මධ්‍යයේ දිවයන්නට වූහ. සමහරක් දෙනා ජල ප්‍රහාරයට මැදිවී ඇදවැටෙනු දක්නට ලැබිණි.

කඳුළුගෑස් ප්‍රහාර වැදුණු පිරිස් යුනියන් පෙදෙසේ ජල කරාම ඇති තැන් අසලට ගොස් දෙඇස් සෝදා ගන්නා ආකාරය දක්නට ලැබිණි.
සිරිමන්ත රත්නසේකර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment