ඡන්දය කල්ගියොත් සජබ උසාවියට

119

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නම් ඒ සියල්ලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණය කල්දැමීමට ගතහැකි බවට අනුමත කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සජබය මේ වනවිටත් කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒවාට එරෙහි වීම සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස් ලබාගෙන ඇත.

ඒ සඳහා එම පක්ෂයේ නීතිඥයන් කැඳවා විශේෂ සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති අතර මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගනු ලබන කවර ආකාරයේ වුව ද පියවරකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම්ව සිටී.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට නොදී කෙලෙස හෝ නියමිත පරිදි පවත්වා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment