ඡන්දය කල්දාන්න තවමත් උප්පරවැට්ටි

101

රජය ඇතුළු ඇතැම් පාර්ශ්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට දරන උත්සාහයන් තවමත් අතහැර දමා ඇති බවක් පෙනෙන්නට නැතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඔවුන් එසේ උත්සහ දැරුවත් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරගෙන යන නිසා මැතිවරණය පවත්වයි කියන විශ්වාසයෙන් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා කීය.

ඡන්ද අපේක්‍ෂකයන් මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එය මෙවර පළාත් පාලන මැතිවරණයට බලපෑමක් සිදුනොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවද හෙට්ටිආරච්චි මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඈ) වගන්තියට අනුව බැලුවත් ජනාධිපතිවරයාගේ වගකීම ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම සඳහා ඔහුට බලතල පැවරීමට ද, ඔවුන් පිළිගැනීමට බලය ඇත්තේ ද වශයෙන් සඳහන් කර ඇති නිසා මුදල් නොමැතිවීම හෝ වෙනත් හේතු දක්වමින් මැතිවරණය පැවැත්වීම කල්දැමිය නොහැකි බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment