ඡන්දය කල්දැමීමට එරෙහිව අද විරෝධයක්

125

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කුමන්ත්‍රණ කළ බවත් ඊට එරෙහිව ජාතික ජනබලවේගය අද (26 වැනිදා) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් එම පක්‍ෂය කියයි.

අද (26 දා) සවස 3.00 ට එම උද්ඝෝෂණය පැවැත්වෙයි. ඒ සඳහා විශාල ජනතාවක් එක් වීමට නියමිත බව එම පක්‍ෂය කියයි.

මීට අමතරව ඉදිරි දින කීපයේ දී දිස්ත්‍රික්ක ගණනාවක් පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට එම බලවේගය තීරණය කර ඇත. ඉදිරියේදී නොනවතින අරගල මාලාවක් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජනබලවේගය විධායක සභික විජිත හේරත් මහතා සඳහන් කළේ මැතිවරණය දිනා ගැනීම වෙනුවෙන් කළ හැකි සියලු කටයුතු සිදුකරන බවත් එය ආපස්සට හැරවීමට කිසිවකුට නොහැකි වනු ඇති බවත්ය. මේ සඳහා එක්වන මෙන් සෑම සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරන බව ද හෙතෙම කීවේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් මත පළ වුණ ද ජාතික ජනබලවේගය සූදානම් කළ සියලු ජනහමු ඒ අයුරින්ම පැවැත්වෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment