ඡන්දය කල් දැම්මාට එරෙහිව ජා. ජ. බයෙන් අයිතිවාසිකම් පෙත්සමක්

110

පසුගිය 9 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන් ඇතුළු රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය නිහාල් අබේසිංහ යන මහත්වරු ඊයේ (14 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා නම්කොට තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරනා ලෙසටත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසටත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇති පරිදි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර සැපයීමට රජයේ මුද්‍රණාලයාධිපතිනියට නියෝගයක් කරනා ලෙසටත් පෙත්සම්කරුවන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment