ඡන්දය කල් යෑමේ වරද මගේ පිට පටවන්න හදනවා!

161

ගංගානිගෙන් මැතිවරණ කොමිසමට දෝස් මුරයක්

පළාත් පාලන මැතිවරණය කල් යැවීමේ වැරැද්ද තමාගේ පිට පැවරීම සඳහා මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මුදල් ලේකම්ගෙන් මෙම මුදල් ප්‍රමාණය ඉල්ලිය යුත්තේ මැතිවරණ කොමිසම යැයි ද ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් නොඉල්ලා තමා වෙත එම වගකීම පැවරුවේ අදාළ මුදල නොලැබෙන නිසා විය හැකි යැයි ද ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මේ ආකාරයෙන් මැතිවරණ කොමිසම මෙම අර්බුදය තමා පිට පැවරුවේ යැයි ද ඇය පැවසුවාය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment