ඡන්දය ගන්න සටන පාරට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

109

ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහ පාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 17 වැනිදා කඹුරුපිටියේ දී පැවසීය.

“රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවත් ඉන් පසුව පත්වූ රාජපක්ෂ හෙවණැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා නිසා ඒ රාජපක්‍ෂලා සුරසැප ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට තෙල් ප්‍රශ්න, ආහාර මිල ඉහළ යෑම ගැටලුවක් වී නෑ. මේ ජනාධිපතිවරයා නිසා ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුවූයේ නෑ” යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

සාමකාමී අරගලය යන්න ඉතා හොඳින් තමා පිළිගන්නා මුත් අරගල තුළින් ගෙවල් ගිනි තැබූ, මිනිසුන් ඝාතනය කළ, රාජ්‍ය දේපළ විනාශ කළ ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඇති ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරනවා යැයි පැවසීම විහිළුවට කරුණක් යැයි ද පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ යම් හෙයකින් මැතිවරණයක් නොදුන්නහොත් සාමකාමී අරගලයක් සඳහා සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

පෙබරවාරි 20 වැනිදා සිට මහ පාරේ ජන අරගලයක් ආරම්භ කර මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.
කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment