ඡන්දය තියන්න කියලා ඇමරිකාවත් ආණ්ඩුවට කිව්වා – හර්ෂ ද සිල්වා

68

පළාත් පාලන මැතිවරණය කල් දමා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා නොගන්නා ලෙස ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභාවේ සභාපති ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඡන්දයයි

පටලවගන්න එපා. ජනාධිපතිවරයා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය නිසා ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානම කොටස්කරුවා වන ඇමරිකාවේ වික්ටෝරියා නූලන්ඩ් කියලා කෙනා ඇවිත් ඊයේ පෙරේදා ජනාධිපතිතුමා හමුවුණා. එහිදී කිව්වේ ඡන්ද තියන්න කියලා. අද ට්විටර් පණිවිඩයක් ගහලා තියෙනවා ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩස්. ඔහු කියන්නෙත් ඡන්දය තියන්න කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහාය ගන්න ඇමෙරිකාව අවශ්‍ය වෙනවා. දැන් ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභාවේ සභාපති ගහලා තියෙනවා ට්විටර් එකක් “මේ කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ඒකාධිපතිවාදය හරහා යට කරන්න” කියලා. ඒගොල්ලෝ කියන්න ඕන නැහැ ඡන්දෙ දෙන්න කියලා. අපිට අවශ්‍ය නිසා ඡන්දය දෙන්න ඕන.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment