ඡන්දය තියන්න-ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

1054


පකිස්ථානයේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වාහි පළාත් සභා සඳහා මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතු බවට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එරට අගවින්සුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (01) බෙදුන් තීන්දුවක් ලබා දී ඇත.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment