ඡන්දය දියව් – ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා

197

සජිත් විරෝධතාව අමතයි
කඳුළු ගෑස් – ජල ප්‍රහාරවලින් සටන මඩිනු බැහැ
කොළඹ සජබ විරෝධයට කඳුළු ගෑස් ජල ප්‍රහාර…

ඡන්දය දියව් - ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂය විසින් ඊයේ (20 දා) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව කොළඹ ටෙක්නිකල් හන්දිය අසලට එක්රොක්ව පා ගමනින් කොළඹ කොටුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළත් සන්නද්ධ පොලිස් බලඇණි හා පොලිස් කැරලි මර්දන ජල ප්‍රහාර රථවලින් නොනවත්වා එල්ල කෙරුණු ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මැද මුළු ප්‍රදේශයම යුද පිටියක් බවට පත් විය.

ඡන්දය දියව් - ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා

‘ඡන්දය දියව්, නිදහස රකිව්, ජන අයිතිය පාගනු බැහැ’ ආදී වශයෙන් සටන් පුවරු විරෝධතාකරුවන් අත දක්නට ලැබිණි. ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ වුව නොසැළුණු සවියකින් රොද බැඳුනු මහා පිරිස් විසුරුවන්නට පෙර පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අධිකරණය මගින් ලබාදී ඇති නියෝග පැහැදිලි කළේය.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මුවදොර පිටියට ඇතුළුවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර පොලිසිය කිහිපවතාවක් එම නියෝගය කියවීය. ප්‍රචණ්ඩකාරීව හා ජනතාවගේ දෛනික කටයුතුවලට, රථවාහන ගමනාගමනයට බාධා නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් එමගින් සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු හත්දෙනකුට නියෝග කොට තිබිණි.

ඡන්දය දියව් - ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා

මේ අතර එකී විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

සජබ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ නායකයින්, සාමාජිකයින්, ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් ද විරෝධතාකරුවන් අතර දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් හඳුනා ගැනීම සඳහා බුද්ධි සේවා යොදවා තිබුණු බව සජබ ආරංචි මාර්ග පවසයි.

ඡන්දය දියව් - ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා

මේ අතර විරෝධතාව සඳහා පැමිණෙමින් සිටි ජනතාවට ඇතැම් ප්‍රදේශවලින් බාධා කිරීම් සිදුව තිබූ බවට ද වාර්තා විය. විරෝධතාකරුවන්ගෙන් යම් බලපෑමක් එල්ල වේ යැයි සැකකර රජයේ මුද්‍රණාලය ආසන්නයේ පොලිස් හා හමුදා විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි.

මහ වැසි මැද පොලිස් ජල ප්‍රහාර එල්ල වෙද්දී විරෝධතාකරුවන් ඇමතූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

බියගුළු දේශපාලනය අතහැර අපේ සටන අපි පටන් ගත්තා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න අපි පාරට බැස්සා. අපේ පළමු පියවර මෙතැනින් පටන් ගන්නවා.

මෙම සටන නවත්වන්නේ පළාත් පාලන මැතිවරණය ලබාගෙනයි. අපි කඳුළු ගෑස්වලට, ජල ප්‍රහාරවලට බය නෑ. මගේ තාත්තා දිවි පිදුවේ මහ පාරේ. වෙඩි උණ්ඩවලට අපි බය නෑ. මැතිවරණයට සල්ලි නෑ කියලා අපේ ගමන අඩපණ කරන්න හදනවා. අපේ ගමන අඩපණ කරන්න බැහැ. හෙටත් මැතිවරණ ජයග්‍රහණ රැළි පහක් තියෙනවා. අපි හැමෝම එකට එකතුවෙලා මේ සටන ජයග්‍රහණය කරමු.
නෝමන් පලිහවඩන, ඒ. ජේ. ඒ. අබේනායක සහ නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment