ඡන්දය නොපවත්වන උත්සාහය පරද්දන්න පක්‍ෂවලට පුළුවන්

138

දිවුරුම් ප්‍රකාශ මගින් ඇප මුදල් භාරදිය හැකියි – පැෆරල් සංවිධානය කියයි

මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට රජය ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා දේශපාලන පක්‍ෂවලට හැකියාවක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් ලෙස තැන්පත් කර ඇති රුපියල් මිලියන 186 ක මුදල දිවුරුම් ප්‍රකාශයක් මගින් මැතිවරණ වියදම් සඳහා භාවිත කිරීමට මහ භාණ්ඩාගාරයට ලබාදිය හැකිව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා මැතිවරණයට ඉදිරිපත්ව ඇති දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් අදාළ දිවුරුම් ප්‍රකාශය මගින් සිය කැමැත්ත මහ භාණ්ඩාගාරයට දැනුම්දිය හැකිව පවතින බව ද හෙතෙම පැවසීය.

මැතිවරණය පැවැත්වීම සඳහා ඇත්තේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත් ඇත්තේ ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්නයක් බවත්, එය පරාජය කිරීම සඳහා දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් මේ ආකාරයෙන් ක්‍රියාකළ යුතුව පවතින බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment