ඡන්දය හරි දිනට: කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

79

ඉදිරි පළාත් පාලන මැතිවරණය මේ වන විට සැලසුම් කර ඇති පරිදිම නිසි කලට වේලාවට පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (13 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල අනුව හා මැතිවරණ නීතිය අනුව එය පැවැත්වීමට පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකරනු ලබන සියලු කටයුතු බලරහිත කරන රීට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනුකර තිබූ පෙත්සමක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරේයිරාජා හා ජනක් ද සිල්වා විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඒ බව දැනුම් දුන්නේය.

එම පෙත්සම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේදී දැනුම් දුන්නේය.

පෙත්සම සලකා බැලීම ලබන 18 වැනිදා දක්වා කල් දැමිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment