ඡන්දෙට තවමත් මුදල් බැරි බැරියාව

84

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් හා ඉන්ධන තොග ලබාදීමට රජය මෙතෙක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා පළාත් පාලන මැතිවරණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් මිලියන 800ක් පමණ භාණ්ඩාගාරයෙන් කලින් ඉල්ලා සිටිය ද එයින් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණ යැයි ද මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

මැතිවරණයට අදාළව සිදුකර ගත යුතු කටයුතු සඳහා මූලික ගෙවීම් සිදුකිරීමට අවශ්‍යව ඇති නමුත් එම කටයුතු ද මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

මේ අතර මැතිවරණයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද මෙතෙක් ලබා දී නැතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සිදුකළ යුතු කටයුතු සියල්ල ද ඉන්ධන නොමැතිව අතරමඟ ඇණහිට ඇතැයි ද වාර්තා වෙයි. පවතින තත්ත්වය පිළිබඳ කරුණු දක්වා යළිත් වරක් මහා භාණ්ඩාගාරයට ලිඛිත දැනුම් දීමක් කිරීමට ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව ද එම නිලධාරියා පැවසීය. එමෙන් ම ලබන 14 වැනිදා මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කැඳවා පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment