ඡන්දෙට පෙර අගමැති මෝදි අර්බුදකාරී ගොවි නීති තුනක් ඉවත් කර ගනී

237

වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත‍්‍රව තිබූ ගොවිතැන සම්බන්ධයෙන් රජය පනවා තිබූ නීති තුනක් ඉවත්කර ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසින් ඊයේ (19දා) පියවර ගෙන තිබේ. මෙසේ ඉවත් කරගත් නීති හරහා පුද්ගලික අංශයට ගොවිතැන් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසෙන අතර එමගින් තම ආදායම අඩු වන බව පවසමින් දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ඉකුත් වසරේ නොවැම්බර් 25 වැනිදා සිට ඉන්දියාවේ දිල්ලි අගනුවර දේශසීමාවන් අසල කඳවුරු බඳිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූහ.

 මෙම විරෝධතාවල නිරත වූ ගොවීන්ට ආරක්ෂක අංශවල හිරිහැරවලට ලක් වීමට සිදු වූ අතර ඔවුන්ගෙන් ඇතැමෙකු අධික උෂ්ණත්වය, ශීතල හා කොරෝනා ආසාදනය යන හේතුන් මත මිය ගොස් තිබිණි. ඉන්දීය රජය විසින් පනවා තිබූ අර්බුදකාරී ගොවිතැනට බලපානු ලබන නීති සම්බන්ධයෙන් පසුගිය මාසවලදී ගොවීන් නියෝජනය කරන සංගම් සමග සාකච්ජා කිරීමටද ඉන්දීය බලධාරීන් විසින් කටයුතු කර නොතිබිණි. මෙවැනි තත්ත්වයක් මත හදිසියේ අගමැති මෝදි විසින් එම නීති අකුලා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා පුදුමයට පත්ව සිටින අතර ගොවි සංගම් විසින් මෙම පියවර හඳුන්වා දී ඇත්තේ ගොවි ජනතාව විසින් ලබා ගත විශාල ජයක් ලෙසයි. විශාල ගොවි ප‍්‍රජාවක් ඡුන්දදායකයන් වන උත්තර් ප‍්‍රදේශ් හා පන්ජාබ් යන ප‍්‍රාන්තවල ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ගොවි නීති හදිසියේ ඉවත් කරගැනීමට හේතු වන්නට ඇති බව විචාරකයෝ පවසති.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment