ඡන්ද අයිතිය දිනාගන්න ජනතාවට කඳුළුගෑස් බැටන් ප්‍රහාරවලට ලක්වීමට සිදු වෙලා – ජී. එල්. පීරිස්

53

ඡන්ද අයිතිය දිනාගැනීමට කඳුළුගෑස්, බැටන් ප්‍රහාර හෝ ජල ප්‍රහාරවලට ලක්වීමට මේ රටේ ජනතාවට කිසිම දිනක සිදුවී නැතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය.

ඡන්ද අයිතිය ඉල්ලා පාරට බහින මහජනතාව මර්දනය කිරීමට රජය ගෙනයන ක්‍රියාකලාපය හෙළා දකින බව එම සන්ධාන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා කීවේය.

රටේ ඡන්ද පවත්වනවා ද නැද්ද යන්න සර්වබලධාරී පුද්ගලයකුගේ අභිමතයට තීරණය කරන තත්ත්වයක් උදාවී ඇතැයි ද මුදල් නොමැති බව පවසා මැතිවරණ කල්දැමීම පිළිනොගන්නා අතර, ආණ්ඩුව මැතිවරණ වියදමට අධික වියදමක් නාස්තිකාර වැඩවලට වියදම් කරන බව ද පීරිස් මහතා කීය. ඡන්ද නොතියන්න එකම හේතුව සල්ලි නැතිකම නොව, ආණ්ඩුවට සියයට 10 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තිබීම බවත් හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව සම්මත කළ මැතිවරණයට අදාළ මුදල් ලබාදීමට මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා බැඳී සිටින බවත්, ලේකම්වරයාගේ මෙම ක්‍රියාකලාපය නිසා ජාතික මෙන්ම ජාත්‍යන්තර කටයුතුවලටත් බලපෑම් එල්ල විය හැකි බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment