ඡන්ද කටේ ගේන මිලියන 8750ක පරිපූරක ඇස්තමේන්තුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් – කිරිඇල්ල

39

ජනාධිපතිවරණයට ඉතාමත් ආසන්න කාල සීමාවකදී සංවර්ධන කටයුතු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මිලියන 8750ක් වෙන් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් එබැවින් එම මුදල් වියදම් කිරීම වහාම නවත්වන්නැයි ඉල්ලන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුව මිලියන 8750ක්.

මේක මැතිවරණ සමයක්. ජනාධිපතිවරණයට ඉතාමත් ආසන්න කාල සීමාවක්. මෙවැනි කාලයක මෙවැනි සංවර්ධන කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැතිවරණ කොමිසමට බලය තියෙනවා මැතිවරණය ආරම්භ වීමට ප්‍රථම මැතිවරණයට බලපාන යම් ක්‍රියාවක් සිද්ධ කරනවා නම් මැදිහත් වෙන්න.

අනිවාර්යයෙන් මේ සල්ලි බෙදනකොට කවුද බෝක්කු හදන්න යන්නේ? කවුද පාරවල් හදන්න යන්නේ? ප්‍රාදේශීය සභා අපේක්ෂකවරු, මන්ත්‍රීවරු තමයි මේකට මැදිහත් වෙන්නේ. මේක කෙළින්ම මැතිවරණයට බලපානවා. සල්ලි බෙදීම පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මම මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙන්න කියලා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment