ඡන්ද දිනය අප්‍රේල් 25 – මැ. කො. තීරණය කරයි

196

පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමේ නව දිනය ලබන අප්‍රේල් මස 25 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

මෙම ඡන්ද විමසීම මෙම මස 9 වැනිදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීමට අදාළ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් පැනනැඟුණු ගැටලු හේතුවෙන් ඡන්ද විමසීම එදින නොපැවැත්වීමට කොමිසම මීට පෙර තීරණය කළේය.

ඒ අනුව අප්‍රේල් මස 25 වැනිදා මෙම ඡන්ද විමසීම සිදුකිරීමට වඩාත් සුදුසු බව කොමිසම විසින් සියලු තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අනුව නව ඡන්ද විමසීම් දිනය එක් එක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිවේදනය කරන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment