ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවැත්වූවා – මුද්‍රණාලයාධිපතිනිය

131

තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් යයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ඉල්ලූ රුපියල් කෝටි විස්සක (මිලියන 200) මුදල ඊයේ (23 වැනිදා) වනවිටත් ලබාදී නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදුවී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

ඡන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීමට නම් දැනට මුද්‍රණය කර තිබෙන ප්‍රමාණයට අදාළ රුපියල් කෝටි හතරක (මිලියන 40) මුදලවත් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා තිබූ බව ද ඒ මහත්මිය සඳහන් කළාය. නමුත් ඒ මුදලද ලබාදී නැත.

කෙසේ වෙතත් ඉල්ලූ මුදල් කිසිවක් නොලැබුණු නිසා එදිනෙදා කටයුතු හැර මැතිවරණයට අදාළ කිසිදු මුද්‍රණ කටයුත්තක් මේ වනවිට සිදු නොවන බව ද ඇය කියා සිටියාය.

අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් කටයුතු සඳහා මුදල් වැය නොකරන ලෙසට ලබාදී තිබෙන උපදෙස්වලට අනුව මුද්‍රණ කටයුතු සිදු කරන බවත් විදුලි හා ජල බිල්පත් හා වැටුප් ගෙවීම් ආදිය සඳහා ඉල්ලූ මුදල් ලක්ෂ අසූවක (මිලියන 8) පමණක් ලැබුණ බවත් මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.

ශිරාන් රණසිංහ සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment