ඡන්ද වැඩට පොලිසියට සතයක්වත් ණය නෑ – මැ. කො. සභාපති

127

මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සතයක්වත් ගෙවීමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා ‘දිවයින’ ට පැවසීය.

මැතිවරණ සඳහා සහාය දැක්වූ පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමට ඇති නිසා මැතිවරණ රාජකාරිවලට පොලිසියට සහාය ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවේදී පොලිස්පතිවරයා ප්‍රකාශ නොකළ බව ද පුංචිහේවා මහතා කීය.

මැතිවරණවලට සහාය දීමට පොලිසිය නිල වශයෙන් බැඳී සිටින බවත්, මැතිවරණය නොපාවැත්වීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව කොමිසමට පෙනීයන බවත්, ඒ කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණයට සම්බන්ධ කටයුතු කොමිසම අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පුංචිහේවා මහතා පැවසීය.

ජනවාරි 18 වැනිදා නාමයෝජනා භාරගැනීමෙන් පසුව දිනයක් දෙකක් ඇතුළත මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment