ඡන්ද 120 කට වැඩි ප්‍රමාණයකින් අය වැය සම්මත වෙනවා – වජිර අබේවර්ධන

58

රටට නිදහස ලැබීමෙන් පසු ජාතික වශයෙන් රට ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කළ අය වැය හෙට (08 දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 කට වැඩි ප්‍රමාණයකින් සම්මත වන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (06 දා) පැවසීය.

අය – වැය සම්මත වුවත් රට ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්‍ෂ එක්ව කටයුතු කළයුතු බවත්, බෙදීම් ඇතිවුවහොත් රට තවත් පරිහානියට යන බවත්, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (06 දා) පැවති මාධ්‍ය හමුවේදී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නිදහස ලබා වසර 75 ක් පිරීමට ආසන්න මේ අවස්ථාව වන විටත් පත් වු සහ පත්වීමට සිටින නායකයන් ඝාතනය කිරීම හෝ ඝාතනයට උත්සාහ දැරීම් සිදු වූ බවත් එවැනි පරිසරයක් තිබෙන රටක් ගොඩනැගීමට නම් සියලු නායකයන් එක්විය යුතු බව ප්‍රකාශ කරන්නේ මනා අවබෝධයකින් බවත් මන්ත්‍රීවරයා කීය.

රටට නිදහස ලබාගැනීමේදී සියලු ජාතීන් එක්ව කටයුතු කළ නිසා එය ජයගත් බවත්, ඉන්පසු විවිධ කණ්ඩායම්වලට බෙදීම නිසා රට දිනෙන් දින අගාධයට ගිය බවත්, පැවසූ ඒ මහතා ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී ආකාරයට රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීම ද හේතුවක් වූ බවත් කීය. එම ප්‍රකාශය නිසා මෙරටට පැමිණීමට සිටි ආයෝජකයන් පමණක් නොව මෙරට සිටි ආයෝජකයන් ද ඇතුළු සියලු ක්‍ෂේත්‍ර කඩාවැටීමට ලක් වූ බවත් හෙතෙම පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment