ජංගම දුරකථනය කොල්ලකෑ හොරුත් සමග පැමිණිලිකරුත් කූඩු – තරුණියන් අටදෙනකුගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ තිබිලා

516

වත්තල ප‍්‍රදේශයේදී තම ජංගම දුරකතනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකන ලදැයි වත්තල පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය විඩියෝ දර්ශනද අන්තර්ගතව තිබීම නිසා දුරකතනය හිමි පැමිණිලිකරුද අත්අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. සැකකරුගේ දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව අඟවා දෙහිවල පදිංචි තමන් වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව පැමිණිලිකරු විසින් වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරි පත් කොට ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් සිදුකරණ ලද පරික්ෂණ කටයුතු වලින් අනතුරුව සැකකරුවන් දෙදෙදෙනෙකු සමග අදාල ජංගම දුරකතනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.එසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයෙකුගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක්ද එම ජංගම දුරකතයේ තිබෙන බව අනාවරණය වීමෙන් අනතුරුව සිදුකරන ලද විමර්ශනයේදී එහි තවත් ශ‍්‍රී ලාංකික තරුණියන් අට දෙනකුගේ සහ තවත් අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ හඬ පටයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් පිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

බී.ටී.කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment