ජංගම දුරකථන, දුම්කොළ, චාජර් හා ගංජා පැකට් සහිත පාර්සලයක් ගාල්ල සිරගෙට උඩින් විසිකරලා

107

ගාල්ල බන්ධනාගාරය තුළට විසිකොට තිබු පාර්සලයක තිබී ජංගම දුරකථන 03ක්, දුම්කොළ 15ක්, චාජර් 02ක්, කුඩා ගංජා පැකට් 05ක් සොයා ගත් බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

කිසියම් පුද්ගලයකු විසින් බන්ධනාගාරගතව සිටින සිරකරුවෙකුට ලබාදීම සඳහා මෙම පාර්සලය සිරගෙදර මාවත මාර්ගයේ සිට බන්ධනාගාර තාප්පයට උඩින් විසිකොට ඇත. එම අවස්ථාවේ දැඩි සෝදිසියෙන් රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නියාමක කුඩාගම මහතා විසින් මෙම පාර්සලය දැක සිය බාරයට ගෙන බන්ධනාගාරයේ ඉහළ නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. පාර්සලයේ තිබු ජංගම දුරකථන 03 හා චාජර් 02 බන්ධනාගාර මුලස්ථානය වෙත යොමුකොට ඇති අතර දුම්කොළ 15 විනාශ කිරිමට කටයුතු කර ඇත. ගංජා පැකට් 05 පොලිසියට භාරදී ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment