ජගත් කිරුළ හඹා යන දියණි මේධානි

220

මේ ජානවලින් ලැබුණු ඇඟක්

 මුලින් ඒ කතාවලට මම අකමැතියි. මොකද මමත් ගැහැනු ළමයෙක්නෙ. පිරිමි ළමයෙක් වගේ කිව්වම දුක හිතුණා. ඒත් කී‍්‍රඩාවට පැමිණි පසු ඒක සාමාන්‍ය දෙයක් වුණා. අනෙක් අයට නැති සිරුරක් මට තිබෙනවා. මට දුවන්න පුළුවන්. ඒ නිසා පිරිමි ළමයෙක් වගේ කිව්වට මට දැන් දුකක් නැහැ. මම පසුතැවෙන්නෙ නැහැ.

 ඉන්දියාවේ පතියාලා නුවර පැවති අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම ජයග‍්‍රහණය කිරීමට ශී‍්‍ර ලංකාවේ මේධානී ජයමාන්න සමත් වූවාය. එහි ඇයගේ තරග නිමි කාලය තත්පර 24.08 ක් විය. ඒ දක්‍ෂතාව මේධානීව පතියාලා නුවරින් කෙන්යාවේ නයිරෝබි නුවරට කැඳවීමට සමත් විය. ඉන්දීය ප‍්‍රාන්ත තරගාවලියෙන් ජගත් කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට මේධානිගේ එම දක්‍ෂතා ඉවහල් විය.

 එමෙන්ම එහිදී පැවති මීටර් 100 කාන්තා සහය දිවීමේ තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 19 කට පසුව හොඳම ශී‍්‍ර ලංකා දක්‍ෂතාවය වාර්තා කළේය. රිදී පදක්කමක් හිමි වුණි. එම කණ්ඩායමේ ද සාමාජිකාවක් වූ මේධානි ‘මීවිත. සමග මෙසේ පිළිසඳරට එක් වූවාය.

 * මලල කී‍්‍රඩාව පිළිබඳව ඔබේ මුල්ම

 මතකය අවදි කළොත්?

run3

 උඩුව කනිෂ්ඨ විiාලයේදී පළමු වරට මම පළාත් තරගවලට සහභාගි වෙනවා. එතකොට මම 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. කලාප සහ පළාත් මට්ටමට පමණයි ඒ දවස්වල මට තරගවලට යන්න පුළුවන් වුණේ. මොකද මම පුහුණුවීම් කරන්න එතරම් කැමති වුණේ නැහැ.

 * ඔබේ පවුලේ අනෙක් සහෝදර

 සහෝදරියොත් කී‍්‍රඩාවලට සම්බන්ධද?

 ඔව්. මගේ අයියයි අක්කයි කී‍්‍රඩාවලට දක්‍ෂයි. ඒ දෙන්නාට පුහුණුවීම් සිදු කළ තෝලංගමුව මධ්‍ය මහා විiාලයේ සිසිල්ටන් සර් සහ හරංකහව සර් මට කී‍්‍රඩාවට අවතීර්ණ වීමට කතා කරා. ඒ වගේම අපේ අම්මත් මලල කී‍්‍රඩාවලින් දක්‍ෂතා දක්වා තිබෙනවා.

 * තෝලංගමුව මධ්‍ය මහා විiාලයට

 ඇතුළත් වනවිට ඔබට වයස කීයද?

 අවුරුදු 13 ක් විතර ඇති. 8 වසර සිට තෝලංගමුව මධ්‍ය මහා විiාලයට ගියේ. එය කී‍්‍රඩාවට විශේෂ අවධානයක් ලබාදෙන පාසලක්. නිවාසාන්තර කී‍්‍රඩාවල දුවනකොට හැමදාම මම පළමුවැනියා වෙනවා. ඒ හින්දා මට කී‍්‍රඩාවට යොමුවීමට ලොකු කැමැත්තක් තිබුණා. අම්මත් ඊට උනන්දු කළා. තෝලංගමුව කී‍්‍රඩා පාසලට ඇතුළත් වූ පසු මගේ කී‍්‍රඩාව දිනෙන් දින දියුණු වුණා. සමස්ත ලංකා මට්ටමට එන්න තරම් පුළුවන් වුණා. ඒත් පළමු” දෙවැනි” තෙවැනි ස්ථාන නම් ලබාගන්න බැරි වුණා. ඒත් වෙනත් තරගවලින් පාසලට පුළුවන් තරම් ජයග‍්‍රහණ ගෙනත් දුන්නා. ඒ වගේම සාමාන්‍ය පෙළ ළංවෙද්දී කී‍්‍රඩාවට ටිකක් අවධානය අඩුකරන්න සිදුවුණා.

 * ඔබ දැන් ලූම්බිණි විiාලයේ ශිෂ්‍යාවක්?

 ඔව්. සාමාන්‍ය පෙළින් පසුව ලූම්බිණි විiාලයට ඇතුළත් වුණා. කී‍්‍රඩාව තමයි ප‍්‍රධාන ඉලක්කය වුණේ. එත් ලූම්බිණි විදුහලේදී මට ඉගෙන ගැනීමටත් වෙනදට වඩා උනන්දුවක් ඇති වුණා. කොටින්ම කී‍්‍රඩාව අතහැරලා අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වෙන්න ඕන කියලා මම තීරණයකට ආවා. එහෙම සිටියදී තමයි මට උමංග සර් හමු වුණේ. ඒ අවස්ථාවේදී සර් ඇහැව්වා ඇයි දුවන්නෙ නැත්තේ? කී‍්‍රඩාව අත්හරිනවද? පාසලට ජයග‍්‍රහණ ගෙනත් දෙන්නෙ නැද්ද කියලා උමංග සර් මගෙන් විමසුවා.

 * සමස්ත ලංකා කී‍්‍රඩිකාවක් මට්ටමට ඔබ දියුණු වෙන්නේ ලූම්බිණි විiාලයේදී නේද?

 ඔව් එහිදී මම සමස්ත ලංකා ජයග‍්‍රහණ ලබා ගන්නවා

 * ඔබට ඔබ ගැන දැනෙන්නෙ කොහොමද?

 මට දැනෙන්නේ මම කී‍්‍රඩාවටම ඉපදුණු කෙනෙක්. මගේ සම වයසේ ගැහැනු ළමයින්ට වඩා වෙනස් ශරීරයක් මට උරුමයි. මාව දකින අය හිතන්නේ මම ‘ජිම් ගිහිල්ලා වේට්ස් බොඩි බිල්ඩින්. කරලා මගේ සිරුර හදා ගත්තා කියලයි. ඇඟ හදා ගත්තු කෙනෙක් විදිහටයි මාව දකින්නේ. ඒත් එය එහෙම නොවේ.මගේ අම්මගෙයි” තාත්තගෙයි ජානවලින් මට ලැබුණු උරුමය තමයි මේ මගේ සිරුර. ඒ නිසා මේ ශරීරයත් එක්ක මට කී‍්‍රඩාවට ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. මම කී‍්‍රඩාවට ආදරෙයි. රටට ආදරෙයි.

 * ඔබගේ සම වයසේ යහළුවන්

 ඔබව දකින්නේ කෙසේද?

 ඒ අය මට කියන්නේ මම පිරිමි ළමයෙක් කියලා මුලින් ඒ කතාවලට මම අකමැතියි. මොකද මමත් ගැහැනු ළමයෙක්නෙ. පිරිමි ළමයෙක් වගේ කිව්වම දුක හිතුණා. ඒත් කී‍්‍රඩාවට පැමිණි පසු ඒක සාමාන්‍ය දෙයක් වුණා. අනෙක් අයට නැති සිරුරක් මට තිබෙනවා. මට දුවන්න පුළුවන්. ඒ නිසා පිරිමි ළමයෙක් වගේ කිව්වට මට දැන් දුකක් නැහැ. මම පසුතැවෙන්නෙ නැහැ.

 * ඔබේ දින චර්යාව කොහොමද

 උදේ 4.30 වනවිට අවදිවෙලා උදේ 6.00 වෙනකොට කී‍්‍රඩාංගණයට එනවා. ඇවිල්ලා පුහුණුවීම් කරනවා. පාසල් යන්න තිබෙන දවස්වල පුළුවන් තරම් ඉක්මනට ඒ වැඩ ටික කරලා පොත් ටික අරන් පාසලට යනවා. නැවත පාසලින් පසුව හවස පුහුණුවීම් වලට එනවා.

 * ඔබට කී‍්‍රඩාව දැනෙන්නේ කොහොමද?

 එය මගේ ජීවිතය. ඊට එහා දෙයක් මට නැහැ. ජීවත් වෙන්නෙත් කී‍්‍රඩාව නිසා.

 * ඔබ ආහාරපාන සීමා කර තිබෙනවද?

 ඔව්. චොක්ලට්” අයිස්කී‍්‍රම් වලට ආසයි. ඒත් ඒවා සීමාකර තිබෙනවා. ඒ වගේම ගමේ කෑමවලට පි‍්‍රයයි.

 * ලබන මාසයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය ඉලක්ක කරගෙන ඔබ පුහුණුවීම් කරනවා. ඒ නිසා ආහාරපාන සීමා කර තිබෙනවද?

 එහෙම ලොකු සීමාවක මම නැහැ.

 * එම තරගාවලියේ ඔබේ ඉලක්ක මොනවද?

 මගේ කී‍්‍රඩා ඉසව් වෙන්නේ මීටර් 100 සහ මීටර් 200” මීටර් 200 තරග ඉසව්වෙන් මා ඒ සඳහා දැනටමත් සුදුසුකම් ලබලා තිබෙනවා. මීටර් 100 න් සුදුසුකම් ලැබිය යුතුයි. තරගාවලියට සහභාගි වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. ඒක හරි පුදුමයක්. උමයංග සර් හමුවෙලා තවමත් අවුරුදු දෙකයි. ඒත් මං දන්නෙම නැතිව මම ඊට සුදුසුකම් ලැබුවා. පදක්කමක් මගෙ ඔළුවෙ තිබෙනවා. ඒත් හොඳම කාලයක් වාර්තා කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment