ජගත් පාපන්දු කුසලාන තරගාවලිය වසර දෙකකට වරක්! ෆිෆා හෙට ඔන්ලයින් ඔස්සේ රැස්වේ

296

සිව් වසරකට වරක් පැවැත්වෙන ජගත් පාපන්දු කුසලාන තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වීමට අදාළ යෝජනාව මෙන්ම ජාත්‍යන්තර පාපන්දු දින දර්ශනය ප‍්‍රතිශෝධනයට ලක්කිරීම ඇතුළු තීරණාත්මක කරණු කිහිපයක් සාකච්ඡුා කිරීම සඳහා ජගත් පාපන්දු සම්මේලනය හෙට (30 ද) රැස්වීමට නියමිතය.

ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ (මාර්ගගත ක‍්‍රමය) පැවැත්වෙන මෙම සාකච්ඡුාව සඳහා ජගත් පාපන්දු සම්මේලනයට අනුබද්ධ සියලූ රටවල පාපන්දු පාලක මණ්ඩලවලට ආරාධනා කර ඇත.

ඒ අනුව ජගත් පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් සමග පැවැත්වෙන මෙම රැුස්වීමේදී ජාත්‍යන්තර පාපන්දු තරග දින දර්ශනය ප‍්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට කටයුතු යොදනු ඇති බව වාර්තා වේ.

අදාළ රැුස්වීමට සාමාජික සංගම්වලට සහභාගි වන ලෙස ආරාධනා කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ ඒ බව දක්වා ඇත. ජාත්‍යන්තර තරග දින දර්ශනය ප‍්‍රතිසංස්කරණය කර වැඩි දියුණු කළ යුතු බවට කී‍්‍රඩාව තුළ පුළුල් එකඟතාවයක් තිබේ යනුවෙන් පෙරේදා (27 දා) නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ය.

ද්වීවාර්ෂික ජගත් පාපන්දු කුසලාන තරගාවලිය පිළිබඳව මාතෘකාව වරින් වර ඉස්මතු වෙමින් යට යමින් තිබියදී එයට නැවත පණ දීමට ගෝලීය පාපන්දු සංවර්ධනයේ ප‍්‍රධානී අර්සෙන් වෙන්ගර් මහතා මීට ඉහතදී පාපන්දු කළමනාකරුවකු ලෙස කටයුතු කරද්දී කි‍්‍රයා කළේය.

එහෙත් එම යෝජනාවට විරුද්ධ මතවාදයක් දැක්වූ යුරෝපා පාපන්දු සම්මේලන සභාපති ඇලෙක්සැන්ඩර් සෙනොරන් මහතා ප‍්‍රකාශ කර සිටියේ ද්වීවාර්ෂික පාපන්දු කුසලාන තරගාවලිය සුදුසු නැති කි‍්‍රයාවක් බවත් යුරෝපීය ජාතීන් එය වර්ජනය කරනු ඇති බවත්ය.

ජගත් පාපන්දු සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා සඳහන් කරන්නේ ‘ද්වීවාර්ෂික පාපන්දු ලෝක කුසලානය පිළිබඳව ලැබෙන අදහස් හා ප‍්‍රතිචාර මත මෙම වසර අවසානයේ ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි.

කෙසේ නමුත් ද්වීවාර්ෂික පාපන්දු කුසලාන තරගාවලිය පිළිබඳව සිදුකළ මත විමසීමකදී පාපන්දු ලෝලීන්ගේ වැඩි මතය වී ඇත්තේ එම තීරණයට තමන් පක්‍ෂ බවයි. ඔවුන් නිතර නිතර පාපන්දු තරගාවලි නැරඹීමට කැමැත්තක් දක්වන බවත් එම මත විමසීමේදී ප‍්‍රකාශවී තිබේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment