ජටා බැඳ ෂෙඩ් එක කොල්ලකාලා

284

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ අතැතිව නාවල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට කඩා වැදුණු කොල්ලකරුවන් පස්දෙනකු එහි පොම්පකරුවන්ට පහරදී රුපියල් ලක්‍ෂ දෙකහමාරකට අධික මුදලක් කොල්ලකා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මෙම කොල්ලය ඊයේ (18 දා) අලූයම 2.50ට පමණ සිදුවී තිබේ.

ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන රතු පැහැති ති‍්‍රරෝද රථයකින් පැමිණ ඇති කොල්ලකරුවන් පස්දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී සඟවාගෙන සිටි තියුණු ආයුධය පෙන්වා බියගන්වා මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

මෙම කොල්ලය සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර ඇති සී. සී. ටී. වී. කැමරාවේද සටහන් වී ඇතැයි පොලිසිය කියයි.

කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැස්ක් ලැබී ඇති බවත්, ඔවුන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප‍්‍රනාන්දු සහ ජයසිංහ – කැස්බෑව

advertistmentadvertistment
advertistmentadvertistment