ජඩේජා නිසා ඔස්‌ට්‍රේලියාව අමාරුවේ

188

ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන රවීන්ද්‍ර ජඩේජා සංචාරක ඔස්‌ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 47 කට කඩුලු 5ක් දවා ගැනීමත් සමග බෝඩර් ගවස්කාර් කුසලාන තරගාවලියේ පළමු තරගයේ ඔස්‌ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 177කට සීමා වූයේය.

ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව පළමු දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 77 ක් ලබා සිටි අතර ඔස්‌ට්‍රේලියාවට වඩා කඩුලු 9 ක් අතැතිව ලකුණු 100ක් පිටුපසින් ඉන්දියාව රැඳී සිටියේය.

ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මානස් ලැබුශේන් ලකුණු 49ක් ලබාගත් අතර ස්ටීවන් ස්මිත් ලකුණු 37කට දැවී ගියේය.

ජඩේජාට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවාගත් අතර ඉන්දියාව වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක රෝහිත් ශර්මා ලකුණු 56ක් ලබාගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment