ජනකගෙන් මුදල් ලේකම්ට දිග පිළිතුරක්

96


පිටු දෙකකින් යොමු කර තිබූ චෝදනා පත්‍රයට පිටු 25 කින් පිළිතුරු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම මෙම චෝදනා පත්‍රයට හේතුය යැයි පෙණෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
තමා සභාපති ධූරයෙන් ඉවත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 ක ඡන්දයෙන් යෝජනාව සම්මත වියයුතු බවත් ඒ මහතා සඳහන් කළේය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී සභාපති ධූරයෙන් ඉවත් කළ හොත් කිසිඳු හිතේ අමාරුවක් නොමැති බව ද සඳහන් කළේය.
කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද පැවැති විශේෂ මධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය.

චෝදනා පහකින් යුත් එම චෝදනා පත්‍රයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්සන් කර ඇති බව කී රත්නායක මහතා එහි ඇතැම් චෝදනා විමතිය දනවන ඒවා බව ද සඳහන් කළේය.
ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් කටයුතු කළ බවත් ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම චෝදනා පත්‍රයෙන් හොඳ අදහසක් ගතහැකි බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment